Car modifications සමඟ පැන නගින ගැටලු

15 Dec, 2023   
Car modifications සමඟ පැන නගින ගැටලු

අපි හැමෝම වාහනවලට ගොඩක් ආසයි. ගොඩක් අයගේ හීන අතරින් තියෙන ලොකුම හීනයක් තමයි වාහනයක් කියන්නේ. අද වෙනකොට ගොඩක් අය තමන්ගේ වාහනය modification කරන්න යොමු වෙලා ඉන්නවා. ගොඩක් අය තමන්ගේ වාහනය modification කරන්න කොච්චර කැමතිද කියනවා නම්, modification කළාට පස්සේ එන ගැටලු පවා නොසලකා හරිනවා. අද CarsGuide අපි කියන්නේ වාහනයක් modification කිරීමත් සමඟ පැන නගින ගැටලු මොනවද කියලා. ඔයා car එක modification කරනවා වගේම ඒ නිසා වෙන්න පුළුවන් ගැටලු ගැනත් සැළකිලිමත් වෙන්න ඕනේ.

මූලිකවම ගත්තම car එකක් modification කරනවා කියන්නේ car එකේ appearance හා ability වෙනස් කරන එකට.

Fuel economy එකට බලපානවා

ඔයා වාහනයක් modification කරනවත් එක්කම එන ලොකුම ගැටලුවක් තමයි ඔයාට ඉන්ධන සඳහා ලොකු මුදලක් වියදම් වෙන එක. මොකද modification කළාට පස්සේ වාහනයේ performance වැඩි වෙන නිසා. ගොඩක් අය car එකක් modification කරන්න කැමති නිසා modification කරන විදිහ කොහොමද කියලා විතරයි බලන්නේ. Modification කළාට පස්සේ මොන වගේ ගැටලු ඇති වෙයිද කියන එක ගැන හිතන්නේ නැහැ. ටික කාලයක් යද්දී තමයි තේරෙන්නේ මේ නිසා මෙහෙම වෙනවා කියලා. ඔයා වාහනය modification කරන්න කලින් ඉන්ධනවලට වැය වුණ මුදල් ප්‍රමාණයට වඩා ලොකු මුදලක් වාහනය modification කළාට පස්සේ දරා ගන්න වෙනවා. ඉතින් car එක modification කරන්න කලින් හිතලා බලන්න ඔයාට එහෙම මුදලක් දරා ගන්න පුළුවන්ද කියලා.

වාහනය drive කිරීමට සහ හැසිරවීමට බලපානවා

ඔයා සමහර modifications කරද්දී ඒ දේවල් ගැන ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. මොකද ඔයා කරන සමහර modifications වාහනයට බලපානවා. ඒ නිසා ඔයා කරන modifications කොහොමද බලපාන්නේ කියන දේ ගැනත් සැළකිලිමත් වෙන්න මතක තියාගන්න. මොකද කොච්චර modifications කලත් ඒවා වාහනයට බලපෑමක් වෙනවා නම් වැඩක් නැහැ. සමහර modifications drive කිරීමේදී සුදුසු වෙන්නෙම නැති තරම්. ඉතින් ඔයා කරන සමහර modification නිසා ඔයාව අවදානමට ලක් වෙන්න පුළුවන් හැකියාව වැඩියි. ඒ නිසා ඔයා කරන modifications ආරක්ෂිතව හා නිසි ලෙස කරගන්න ඕනේ.

ශබ්ද වැඩි කරනවා

ඔයා ජීවත් වෙන්නේ නාගරික පරිසරයක නම් මාර්ගවල ගමන් කරන වාහනවල ඝෝෂාව ඔයාට හොඳටම ඇහෙනවා ඇති. ඉතින් සමහර car modifications නිසා මේ තත්වය ඇති වෙන්නත් පුළුවන්. ඒ දේ driver ට ප්‍රශ්නයක් නොවුණට ඇහෙන අනික් අයට නම් කරදරයක්. ඒ නිසාම තමයි authorities විසින් ශබ්ද සඳහා දැඩි සීමාවන් පනවලා තියෙන්නේ. ඉතින් ඔයා කරන modifications අනිත් අයට අපහසුවක් නොවෙන විදිහට කරන්න මතක තියාගන්න.

Security issues ඇති වෙන්න පුළුවන්

වාහනයක් modification කිරීම මඟින් එහි වටිනාකම වැඩි වෙනවා වගේම වාහනයට ආකර්ෂණයකුත් එකතු වෙනවා. ගොඩක් අය වාහනය modification කළාට ඒ විදිහට modification කරපු වාහනය ආරක්ෂා කරන්නේ කොහොමද කියලා හිතන්නේ නැහැ. ඉතින් වැඩි දියුණු කරන ලද car stereos සහ electronic equipment ඔයාගේ වාහනය thieves ලට වඩාත් ආකර්ෂණය වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා modification කරපු වාහනය ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක ගැනත් ගොඩක් සැළකිලිමත් වෙන්න.

Insurance එකට බලපානවා

ඔයා වාහනය modification කරද්දී ඒ දේ කොහොමද ඔයාගේ insurance එකට බලපාන්නේ කියන දේ ගැනත් බලන්න. ඔයාගේ වාහනය modification කරන එක legal වුණාට ඒක ඔයාගේ රක්ෂණ නියෝජිතයා එක්ක විවිධ complications ඇති කරන්න පුළුවන්. ඒ වගේම ඔයා වාහනය modification කරනවා නම් ඒකෙන් ඔයාගේ insurance rate එක වැඩි වීමක් වෙන්නත් පුළුවන්. ඔයා වාහනයට අලුතින් එකතු කරන parts මත තමයි ඔයාගේ insurance rate එක වැඩි වෙන එක තීරණය වෙන්නේ.

අනුමැතිය ලබා ගැනීම

ඒ වගේම තමයි වාහනයක් modification කිරීමේදී ඔයාට ගොඩක් modifications කරන්න වෙන්නේ දැඩි කොන්දේසි මත. ඒ වගේම කරන්න බැරි modification තියෙනවා. මොකද ඔයාගේ ආරක්ෂාව වගේම පාරේ ගමන් කරන අනිත් අයගේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕනේ නිසා.

මේ දේවල් තමයි car modifications සමඟ ඇති වෙන්න පුළුවන් ගැටලු. ඉතින් ඔයත් වාහනය modification කරනවා නම් ඒ මඟින් ඇති වෙන්න පුළුවන් ගැටලු ගැනත් සැළකිලිමත් වෙන්න. CarsGuide අපි කියපු විදිහට දැන් ඔයාටත් පුළුවන් ඔයාගේ වාහනය modification කරන්න කලින් මේ ගැටලු ඇති නොවෙන්න වග බලා ගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Mitsubishi Montero 2010 for Sale

Mitsubishi Montero 2010

153,000 km, Colombo
MEMBER
Rs 20,500,000
3 weeks ago
Toyota Premio G Superior 2013 for Sale

Toyota Premio G Superior 2013

187,000 km, Gampaha
MEMBER
Rs 11,750,000
6 days ago
Peugeot 5008 Sunroof 2019 for Sale

Peugeot 5008 Sunroof 2019

70,000 km, Colombo
verified MEMBER
Rs 17,900,000
2 minutes ago
Toyota Premio G Superior 2016 for Sale

Toyota Premio G Superior 2016

103,000 km, Gampaha
MEMBER
Rs 15,100,000
2 weeks ago
Toyota Corolla 141 2008 for Sale

Toyota Corolla 141 2008

158,200 km, Colombo
MEMBER
Rs 7,100,000
1 month ago
Auto Parts for saleikman logo
PCX Thai Street Visor 2018 for Sale

PCX Thai Street Visor 2018

verified MEMBER
Rs 16,000
6 minutes ago
Honda Inspire U61 Tail Light RH for Sale

Honda Inspire U61 Tail Light RH

verified MEMBER
verified
Rs 13,500
19 minutes ago
Vezel, Grace, GP5 Engine Bed Mount for Sale

Vezel, Grace, GP5 Engine Bed Mount

verified MEMBER
Rs 7,000
5 days ago
+ Post an ad on ikman