ලොව මිල අධිකම car modifications

15 May, 2024   
ලොව මිල අධිකම car modifications

වාහනයක් modify කරන එක සමහරුන්ට බොරු වැඩක් වගේ පෙනුණට තවත් සමහර අයට modifications කියන්නේ කලාවක්. ඇත්තටම හරි විදිහට, නීත්‍යානුකූලව, ප්‍රමිතියකට අනුව මේ දේ කරනවා නම් modifications කියන්නේ වාහනයක තියෙන පෙනුම වැඩි කරන දෙයක්. ඉතින් මේ modifications විවිධ මිල ගණන් යටතේ අපිට සිදු කරන්න පුළුවන්.
හැබැයි අද CarsGuide තුළින් අපි ඔබට කියන්නේ ලොව මිල අධිකම car modifications මොනවද කියලා.

Performance Coilovers

Racing වලට කැමති කෙනෙක් නම් වාහනයක් ගත්ත ගමන්ම කරන පළවෙනි modification එක තමයි performance coilovers කියන්නේ. හැබැයි මේ modification එක සිදු කරන්න යන මිල ඇහුවම නම්, වාහනයකට modifications ඕනෙමද කියලා හිතෙනවා.

Stereo System එක

විශාලතම සහ වැඩියෙන්ම අලෙවි වන, aftermarket modification වලින් එකක් තමයි Stereo System එක කියන්නේ. ඔබට සැමවිටම usual speaker/subs සඳහා සාමාන්‍ය මුදල් ප්‍රමාණයක් වැය කළ කරන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව මිලෙන් අධික Stereo System එකකට වුණත් යන්න පුළුවන්.

Full Exhaust System

Effectiveness එක අනුව, actual performance වැඩිදියුණු කරන්න ඔබට ඔබේ මෝටර් රථයට කළ හැකි හොඳම දේවලින් එකක් තමයි අලුත් exhaust එකක් සවි කිරීම. මෙය සම්මත downpipe වෙනස් කිරීම, muffler හෝ සම්පූර්ණ පද්ධතියෙන් සමන්විත විය හැකියි.

සාමාන්‍යයෙන්, සම්පූර්ණ exhaust system එකක් සාදා මෝටර් රථයකට සවි කිරීම ඔබ දකින වඩාත්ම common modification එකක් නෙවෙයි. බොහෝ දෙනෙක් කුඩා exhaust mods තමයි භාවිතා කරන්නේ. කෙසේ වෙතත්, ඔබ මුදල් වියදම් කරන්නේ නම්, horsepower එක සැලකිය යුතු ලෙස වැඩි කිරීමට, engine එක හරහා gases ගලායාම වැඩි කිරීමට සහ වඩා හොඳ ශබ්දයක් ලබා ගන්න පුළුවන්.

Interior එක නැවත සකස් කිරීම

Performance වලට බලපාන්නේ නැති මිල අධිකම modification එකක් විදිහට Interior එක නැවත සකස් කිරීම හඳුන්වන්න පුළුවන්. එතනදී සෞන්දර්යය, සුවපහසුව සහ සුවිශේෂත්වය තමයි වැඩිපුර ඉස්මතු වෙන්නේ.

Transmission හුවමාරුව

ඔබට වාහනයකට කරන්න පුළුවන් තවත් මිල අධිකම modification එක තමයි mechanical components හුවමාරු කර ගැනීම. මෙය “swaps” ලෙසද හඳුන්වනු ලබන අතර, transmission ඇතුළුව කළ හැකි වර්ග කිහිපයක් තිබෙනවා.

Supercharger

ඔබ මූලික මට්ටමින් මෝටර් රථය වෙනස් කිරීමට ඔබට හැකි සෑම දෙයක්ම කරලා නම් තියෙන්නේ ඊළඟට මොකක්ද කරන්න පුළුවන් modification එක කියලා ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්.

Air filters, exhaust, weight reduction වගේ modifications ප්‍රමාණවත් නැත්නම් නව මෝටර් රථයක් මිලදී ගැනීම එක් විසඳුමක් වෙන්න පුළුවන්. හැබැයි මේකට තව විසඳුමක් තියෙනවා. ඒ තමයි forced injection කියන්නේ.

ගොඩක් ප්‍රසිද්ධ forced injection එකක් තමයි supercharger කියන්නේ. මෙය turbos වලට සමානව ක්‍රියා කරන, නමුත් less lag විදිහට ක්‍රියා කරන belt-fed system එකක්. Supercharger එකකට ඔබේ මෝටර් රථයට අවශ්‍ය extra boost එකක් ලබා දෙන්න පුළුවන්.

Engine හුවමාරුව

Transmission swaps සමඟ සිදු කරන්න පුළුවන් තවත් මිල අධිකම swap එකක් තමයි engine swaps කියන්නේ. මෙය ඇත්ත වශයෙන්ම වඩාත්ම වෙහෙසකර සහ මිල අධික වැඩක්. මොකද මෙහිදී ශ්‍රමය වගේම සහ අමතර කොටස් සඳහා විශාල මුදලක් වැය වෙනවා. ඒ වගේම engine හුවමාරුව සම්පූර්ණ කිරීමට ලොකු කාලයක් පවා ගත වෙනවා.

ඉතින් මේවා තමයි වාහනයකට සිදු කරන්න පුළුවන් ලොව මිල අධිකම modifications. සමහර විට මේ article එක කියවන ඔබත්, ඔබගේ වාහනයට අපි සඳහන් කළ modifications වලින් එකක් හෝ කිහිපයක් කරලා ඇති. ඔබත් modifications වලට කැමති නම් අද අපි කිව්වා modifications try කරලා බලන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda Vezel Z Premium 2025 for Sale

Honda Vezel Z Premium 2025

MEMBER
Rs 21,850,000
2 weeks ago
Honda CRV 2018 for Sale

Honda CRV 2018

120,000 km, Colombo
MEMBER
Rs 15,900,000
5 days ago
Jeep Wrangler Rubicon JL 2018 for Sale

Jeep Wrangler Rubicon JL 2018

74,000 km, Colombo
MEMBER
Rs 50,000,000
1 month ago
Toyota Taisor G Turbo 2025 for Sale

Toyota Taisor G Turbo 2025

0 km, Colombo
verified MEMBER
Rs 12,425,000
2 minutes ago
Honda Vezel 2015 for Sale

Honda Vezel 2015

170,000 km, Colombo
MEMBER
Rs 9,800,000
2 weeks ago
Auto Parts for saleikman logo
Brand New Yokahama Japan Tyres 185/70/14 for Sale

Brand New Yokahama Japan Tyres 185/70/14

verified MEMBER
verified
Rs 23,000
2 weeks ago
Toyota Flexible Silencer for Sale

Toyota Flexible Silencer

verified MEMBER
Rs 3,000
20 seconds ago
BF Goodrich LT 275/65R17 for Sale

BF Goodrich LT 275/65R17

MEMBER
Rs 49,500
4 minutes ago
Thermostat Valve for Sale

Thermostat Valve

verified MEMBER
Rs 4,200
6 minutes ago
Falken Tyres 205/55R16 for Sale

Falken Tyres 205/55R16

MEMBER
Rs 22,500
6 minutes ago
+ Post an ad on ikman