Drive කරනකොට නොදැනුවත්වම ඔබ අතින් සිදු වෙන වැරදි

04 Sep, 2023   
Drive කරනකොට නොදැනුවත්වම ඔබ අතින් සිදු වෙන වැරදි

වාහනයක් drive කරනවා කියන එක හිතන තරම් ලේසි පහසු දෙයක් නෙවෙයි. මොකද අද ලෝකයේ දියුණුවත් එක්ක බොහෝ දෙනා වාහන භාවිතා කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසා මහා මාර්ගයේ අධික වාහන සංඛ්‍යාවක් දැක ගන්න පුලුවන්. ඉතින් මේ විදිහට වාහන අධික වීම නිසා අපේ අතින් වෙන පුංචි වැරද්දකින් වුණත් ලොකු අනතුරක් සිදු වෙන්න පුලුවන්. මේ අනතුරට හේතුව සමහර විට ඔබේ අතින්, ඔබ නොදැනුවත්වම සිදු වෙන වැරද්දක් වෙන්න පුලුවන්. ඒ නිසා අද CarsGuide අපි ඔබට කියන්නේ අනතුරු වලට හේතු වෙන්න පුලුවන්, Drive කරනකොට නොදැනුවත්වම ඔබ අතින් සිදු වෙන වැරදි කිහිපයක් ගැන.

Speed එක control කිරීමට අසමත් වීම

ඔබ නියමිත speed limit එකක් යටතේ වාහනය drive කළත් නිසි පරිදි speed එක control කරගන්න බැරි නම් අනතුරක් වෙන්න තියෙන ඉඩ වැඩියි. විශේෂයෙන්ම කන්දක් නැගීම, කන්දක් බැසීම, වැසි වෙලාවක වාහනය පැද වීම, මීදුම් අවස්ථාවක වාහනය පැදවීම හඳුන්වන්න පුලුවන්. ඒ නිසා ඔබ නියමිත වේගයක් පවත්වාගෙන ගියත් හැම වෙලාවේම speed එක control කරගන්න පුරුදු වෙන්න.

තෙහෙට්ටුවෙන් drive කිරීම

Drive කරනකොට ගොඩක් තෙහෙට්ටුවෙන් සිටීමත් රිය අනතුරු වලට හේතු වෙනවා. මොකද drive කරනකොට ඇස් විවෘතව තබා ගැනීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔබට අවදියෙන්, අවධානයෙන්, පැහැදිලිව සිතීමට හැකි වෙන්නත් ඕනේ. හැබැයි තෙහෙට්ටුවෙන් සිටීම ඔබේ මේ හැකියාවන් සීමා කරනවා.

රියදුරුගේ නොසැලකිල්ල

Drive කරනකොට ඔබ පිළිපදින්න ඕනේ අනිවාර්යය කරුණු 3ක් තියෙනවා. ඒ තමයි ඔබේ දෑත් steering wheel එක මත තබා ගැනීම, පාර දෙසට හොඳ අවධානයක් දීම සහ ඔබේ මනස රිය පැදවීම සඳහාම යෙදවීම.
මේ කරුණු තුන පිළිපදින්නේ නැතුව වාහනයක් drive කරන විට ඔබේ අවධානය වෙන පැත්තකට යොමු වුණොත් ලොකු අනතුරක් සිදු වෙන්න තියෙන ඉඩ වැඩියි. විශේෂයෙන්ම ඔබේ අවධානය වෙන පැත්තකට යොමු වීම අනතුරු වළක්වා ගැනීමට ගත වෙන කාලය අඩු කිරීමටත් හේතු වෙනවා.

තනි මංතීරුවක ධාවනය කිරීමට අපොහොසත් වීම

නිවැරදිව මංතීරුවක ගමන් කිරීමට නොහැකි වීමත් අනතුරු ඇති වෙන්න ලොකු හේතුවක් වෙනවා. විශේෂයෙන්ම drive කරන විට වාහනයේ පිහිටීම ගැන හරිහැටි අවබෝධයක් නැති වීම, මාර්ග සලකුණු පිළිබඳ දැනුමක් නොමැති වීම සහ මංතීරු හැරවීමේදී හෝ වෙනස් කිරීමේදී හරිහැටි පුහුණුවක් නොමැති වීම නිසාත් අනතුරු සිදු වෙන්න පුලුවන්. ඉතින් ඒ නිසා මංතීරු වෙනස් කරන විට හැර, ඔබේ මංතීරුව තුළ සම්පූර්ණයෙන්ම රැඳී සිටීමට උත්සාහ කරන්න.

අනාරක්ෂිතව මංතීරු වෙනස් කිරීම

ආරක්ෂිතව මංතීරු වෙනස් කිරීම සඳහා ඔබ පියවර කිහිපයක් අනුගමනය කරන්න ඕනේ. නිවැරදිව turn signal යෙදීම, පිටුපසින් පැමිණෙන වෙනත් වාහන ගැන සැළකිලිමත් වීම, වාහන අතර හොඳ gap එකක් තබා ගැනීම, speed එක පාලනය කර ගැනීම සහ මංතීරුවට අවතීර්ණ වීම එම පියවරයන් වෙනවා.

වාහන අතර අඩු පරතරයක් තබා ගැනීම

ගොඩක් අය පාරේ වාහන drive කරන විට වාහන අතර අඩු පරතරයක් තමයි තබා ගන්නේ. මේ හැසිරීම tailgating ලෙසයි හඳුන්වන්නේ. පැයට සැතපුම් 30 ක වේගයෙන් ගමන් කිරීමේදී ඔබ වාහන දෙකක් අතර පරතරය අඩි 80ක් පමණ තබා ගන්න ඕනේ. ඒ වගේම ඔබ පැයට සැතපුම් 65ක වේගයකදී අවම වශයෙන් වාහන දෙකක් අතර පරතරය අඩි 285ක්වත් පවත්වා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට ආරක්ෂිත දුරක් පවත්වා ගැනීමට ඇති හොඳම ක්‍රමය තමයි ඔබට ඉදිරියෙන් තියෙන මෝටර් රථයේ වේගයට සාපේක්ෂව ඔබේ මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීම.

ඉතා සෙමින් රිය පැදවීම

ඉතාම සෙමින් රිය පැදවීමත් අනතුරු වලට හේතුවක් වෙනවා. ඒ විතරක් නෙමෙයි අනවශ්‍ය ලෙස සෙමින් රිය පැදවීමත් නීති විරෝධී ක්‍රියාවක්. පුවරු වල දක්වා ඇති වේග සීමාවට වඩා අඩුවෙන් drive කිරීම මාර්ගයේ තද බදයක් ඇති කිරීමටත් හේතු වෙනවා.

අධික වේගයෙන් රිය පැදවීම

Drive කරනකොට නියමිත වේගයක් පවත්වා ගැනීම අපේ වගකීමක්. විශේෂයෙන්ම මඟ දෙපස සඳහන් කරලා තියෙන වේග සීමා පුවරු වලට අපි අවනත වෙන්න ඕනේ. එහෙම නැතුව අධික වේගයෙන් ගමන් කිරීම අනෙක් වාහන වල ගමනාගමනයට බාධා ඇති කරනවා. ඒ නිසා කිසිම අවස්ථාවක වේග සීමාව ඉක්මවා ධාවනය කරන්න එපා.

මේ දේවල් තමයි drive කරනකොට ඔබ නොදැනුවත්වම ඔබේ අතින් සිදු වෙන වැරදි. ආරක්ෂාකාරීව, නිවැරදිව රිය පදවන්න ඕනේ නම් අද CarsGuide අපි කිව්ව කරුණු ගැන අවධානය යොමු කරන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda City RS TURBO 2025 for Sale

Honda City RS TURBO 2025

0 km, Colombo
verified MEMBER
Rs 14,700,000
3 days ago
Honda Civic 2008 for Sale

Honda Civic 2008

124,492 km, Colombo
verified MEMBER
verified
Rs 7,895,000
21 seconds ago
Nissan Almera 2025 for Sale

Nissan Almera 2025

0 km, Colombo
verified MEMBER
Rs 14,300,000
5 minutes ago
Toyota Axio 141 X Limited 2010 for Sale

Toyota Axio 141 X Limited 2010

171,000 km, Ratnapura
MEMBER
Rs 8,300,000
5 days ago
Kia Seltos GT Line 2020 for Sale

Kia Seltos GT Line 2020

20,000 km, Colombo
verified MEMBER
verified
Rs 15,700,000
3 days ago
Auto Parts for saleikman logo
Range Rover Vogue 2020 complete side mirror for Sale

Range Rover Vogue 2020 complete side mirror

verified MEMBER
Rs 400,000
2 minutes ago
Toyota Aqua Brand New Hybrid Battery for Sale

Toyota Aqua Brand New Hybrid Battery

verified MEMBER
verified
Rs 365,000
17 minutes ago
Toyota Axio B/N Battery for Sale

Toyota Axio B/N Battery

verified MEMBER
verified
Rs 365,000
17 minutes ago
+ Post an ad on ikman