සල්ලි ඉතුරු කරන වාහන රහස්

28 Mar, 2024   
සල්ලි ඉතුරු කරන වාහන රහස්

ඔයත් වාහනයක හිමිකරුවෙක්ද? ඔයත් සල්ලි ඉතුරු කරන කෙනෙක්ද? සල්ලි ඉතුරු කරන්න ඕන වුණත්, වාහන තියෙන ගොඩක් අය මේ ප්‍රශ්නෙට දෙන උත්තරේ තමයි වාහනයේ නඩත්තු කටයුතු නිසා කොහේ ඉතුරු කරන්නද කියලා. වාහනය නඩත්තු කරන්න සල්ලි වියදම් කරලා ඔයාටත් ඇති වෙලා නේද ඉන්නේ? අන්න ඒ නිසාම CarsGuide අපි අද ඔයාට කියන්නේ සල්ලි ඉතුරු කරන වාහන රහස් කිහිපයක් ගැනයි.

වාහනයේ oil ඉතුරු කරගෙන සල්ලි ඉතුරු කරන්නේ කොහොමද?

වාහනයේ accelerator pedal එක හරියට use කරන්න

වාහනයේ තියෙන accelerator pedal එක මඟින් අපිට පුළුවන් ඉන්ධන ඉතුරු කරගන්න. Accelerator pedal එක හයියෙන් පාගන්නේ නැතුව හිමින් පෑගීම මඟින් ඔයාට ඉන්ධන ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ විදිහට සිදු කිරීම මඟින් ඔයාට වඩාත් කාර්යක්ෂමව වාහනය drive කරන්න පුළුවන්. ඒ නිසා වාහනයක් drive කරනකොට rpm අගය ක්‍රමානුකූලව තියාගන්න.

ටයර් වලට නියමිත ප්‍රමාණයට වායු පුරවා තියාගන්න

වාහනයක ගමන් කරන්න නම් ටයර් වලට අනිවාර්යෙන් වායු පුරවන්න ඕනේ. ප්‍රමාණවත් ලෙස වායු පුරවා නැති ටයර් වලට පාරේ ගමන් කිරීමේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. මේ විදිහට ප්‍රතිරෝධය වැඩි වෙන කොට වාහනයේ ඉන්ධන පරිභෝජනයත් වැඩි වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් වාහනයේ සියලුම ටයර් වල වායුව psi 10 කින් අඩු වෙලා නම් ඉන්ධන කාර්යක්ෂමතාවද 10% දක්වා අඩු වෙනවා. ඒ නිසා වාහනයේ ඉන්ධන ඉතුරු කරගන්න හැම වෙලාවකම ටයර් වලට නියමිත ප්‍රමාණයට වායු පුරවා තියාගන්න.

වාහනයේ trunk එකේ බර අඩු කරන්න

ගොඩක් අය යන ගමනට ඕනේ එකයි ඕනේ නැති එකයි ඔක්කොම දේවල් වාහනයේ trunk එකේ දාලා වාහන drive කරන එක පුරුද්දක් කරගෙන තියෙනවා. මේක ගැන නම් දෙවරක්වත් හිතන්න ඕනේ. මොකද වාහනයක අනවශ්‍ය තරමට බර වැඩි වුණාම ඉන්ධන වැඩි වශයෙන් පරිභෝජනය වෙනවා. වාහනයක බර වැඩි වන සෑම කිලෝග්‍රෑම් 50 කට ඉන්ධන පරිභෝජනය 2% කින් වැඩි වෙනවා. මේ නිසා වාහනයට අවශ්‍ය හදිසි අමතර කොටස් විතරක් trunk එකේ තියාගෙන වාහනය drive කරන්න උත්සහ කරන්න.

AC අවශ්‍ය වෙලාවට on කරන්න

ඔයා වාහනය drive කරන්නේ windows පහත් කරගෙනද? ඉන්ධන පරිභෝජනය වැඩිවෙන්න මේකත් ලොකු හේතුවක්. මොකද පැයට 80kmට වඩා වේගයෙන් ජනේල පහත් කරගෙන ගමන් කිරීමේදී සුළං ප්‍රතිරෝධයක් ඇති කරනවා. ඒ වගේම තමයි වාහනය වැඩි ඉන්ධන පිරිවැයක් දරනවා. මේ නිසා පැයට 80kmට වඩා වේගයෙන් යනවා නම් වාහනයේ windows වහගෙන AC සමඟ drive කරන්න. එතකොට ඔයාට පුළුවන් වෙනවා ඉන්ධන පරිභෝජනය අඩු කරගන්න. ඒ වගේම තමයි ඔයා වාහනයේ ගමන් කරන්නේ පැයට 30km පමණ වේගයකින් නම් AC off කරලා නම් වාහනයේ windows ටික පහත් කරගෙන යන්න.

දිගු වේලාවක් වාහනය start කරලා තියන්න එපා

ඔයාගේ ගෙදර කෙනෙක් නැත්නම් යාලුවෙක් වගේ කවුරු හරි කෙනෙක් එනකන් වාහනය start කරගෙන බලාගෙන ඉන්නවා නම් අදම ඒ දේ නවත්වන්න. වාහනයක් ගමන් කරන්නේ නැත්නම් විනාඩියක කාලයක් තුළ engine එක ක්‍රියාවිරහිත කරන්න. වාහනය ගමන් කරන්නේ නැතුව engine එක ක්‍රියාත්මක වී තියෙනකොට ඉන්ධන දහනය වෙනවා.

අවශ්‍ය කාලයේදී engine එක service කරන්න

අවශ්‍ය කාලයේදී engine එක service කිරීම සිදු කරන්න ඕනේ. විශේෂයෙන්ම engine oil සහ air filter මාරු කරන්න ඕනේ. ඒ මඟින් engine එකේ ඉන්ධන කාර්යක්ෂමතාව පවත්වා ගන්න පුළුවන්.

වාහනය ආරක්ෂා කරගෙන සල්ලි ඉතුරු කරගන්නේ කොහොමද?

Neutral යන්න එපා

වාහනයක් drive කරන අය කරන ලොකු වැරැද්දක් තමයි වාහනයේ oil ඉතුරු කරගන්න කියලා වාහනය neutral වලට දානවා. මේ දේ කවදාවත් සිදු කරන්න එපා. මොකද එතකොට වාහනයේ රෝද හතර කැරකෙන්න engine එකේ සහයක් ලැබෙන්නේ නැහැ. මේ විදිහට සිදු කිරීම මඟින් අනතුරු සිදු වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ නිසා වාහනයට වන අනතුරු වළක්වාගෙන සල්ලි ඉතුරු කරගන්න ඔයා neutral ගමන් කරන්න එපා.

ඉතින් ඔයත් මේ විදිහට වාහනය ආරක්ෂා ගෙන ඒ වගේම oil ඉතුරු කරගෙන සල්ලි ඉතුරු කරන්න. ඒ නිසා ඔය අනිවාර්යෙන් මේ දේවල් try කරලා බලන්න. එතකොට ඔයාට පුළුවන් වෙයි වාහනයත් හොඳට තියාගෙන සල්ලිත් ඉතුරු කරන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Land Cruiser Prado 2018 for Sale

Toyota Land Cruiser Prado 2018

58,000 km, Kalutara
MEMBER
Rs 56,500,000
4 weeks ago
Suzuki Wagon R FX 2023 for Sale

Suzuki Wagon R FX 2023

1,000 km, Colombo
verified MEMBER
Rs 8,100,000
10 minutes ago
Honda Vezel Z Grade Brandnew 2025 for Sale

Honda Vezel Z Grade Brandnew 2025

0 km, Gampaha
verified MEMBER
Rs 20,300,000
4 days ago
Toyota Roomy G 2023 for Sale

Toyota Roomy G 2023

250 km, Colombo
verified MEMBER
Rs 10,950,000
13 minutes ago
Daihatsu Taft G Grade 4Way CAM 2023 for Sale

Daihatsu Taft G Grade 4Way CAM 2023

6,000 km, Colombo
verified MEMBER
Rs 8,500,000
2 days ago
Auto Parts for saleikman logo
audi a6 2013 front bumper for Sale

audi a6 2013 front bumper

verified MEMBER
verified
Rs 250,000
6 hours ago
Kia Soranto 2012 Tail Lights for Sale

Kia Soranto 2012 Tail Lights

verified MEMBER
verified
Rs 75,000
6 hours ago
Audi A4 2012 Rear Bumper for Sale

Audi A4 2012 Rear Bumper

verified MEMBER
verified
Rs 145,000
6 hours ago
Toyota Aqua ABS for Sale

Toyota Aqua ABS

MEMBER
Rs 150,000
6 hours ago
+ Post an ad on ikman