ටයර් වලට හුළං ගහනකොට සිදු වෙන වැරදි

16 May, 2024   
ටයර් වලට හුළං ගහනකොට සිදු වෙන වැරදි

සම්පූර්ණයෙන්ම වාහනයක් රැඳිලා තියෙන්නේ ටයර් උඩ. හැබැයි ගොඩක් දෙනා මේ ටයර් වලට ලොකු අවධානයක් දෙන්නේ නැහැ. ඒ නිසාම මාර්ග අනතුරු රැසකට, වාහනය ඉදිරියට අරගෙන යන ටයර් හේතු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ටයර් වල හුළං ප්‍රමාණය, ටයර් වල පීඩනය නිවැරදිව පවත්වා ගන්න ඕනේ. ඒ නිසාම CarsGuide අපි අද ඔබට කියන්නේ ටයර් වලට හුළං ගහනකොට සිදු වෙන වැරදි කිහිපයක් ගැන.

වැරදි Pressure එකක් භාවිතා කිරීම

ටයර් වලට හුළං ගැසීමේදී නිතරම සිදු වන වැරද්දක් තමයි වැරදි Pressure එකක් භාවිතා කිරීම. ඔබේ නිශ්චිත මෝටර් රථය සඳහා නිවැරදි tire pressure එක රියදුරුගේ දොරේ ඇති ස්ටිකරයක හෝ owner’s manual එකෙන් බලා ගන්න පුළුවන්. දැනටමත් ටයරයේ ඇති පීඩනය හෝ එය විය යුතු යැයි ඔබ සිතන දේ මත රඳා නොසිටින්න.

අඩුවෙන් හුළං ගැසීම

ඔබේ ටයර්වල ප්‍රමාණවත් තරම් වාතය නොමැති වීම බොහෝ ගැටළු වලට domino effect එකක් ඇති කරනවා. ඉන් කිහිපයක් විදිහට uneven wear, poor handling සහ lower gas mileage හඳුන්වන්න පුළුවන්. අඩුවෙන් හුළං පුරවන ලද ටයර් ද වැඩිපුර නම්‍යශීලී වන අතර එමඟින් ඒවා අධික ලෙස රත් වීමට සහ පිපිරීමේ අවදානම වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම උණුසුම් දිනවලදී මෙම අවධානම අධිකයි.

වැඩියෙන් හුළං ගැසීම

ටයර් වලට ප්‍රමාණවත් තරම් හුළං නොගැසීම අනතුරදායකයි වගේම ටයර් වලට අධික ලෙස හුළං ගැසීමත් අනතුරුදායකයි. මොකද අධික ලෙස ටයර් වලට හුළං පිරවීම නිසා ගමන දැඩි කිරීමටත්, traction එක අඩු කිරීමටත්, වළවල් හෝ මාර්ගයේ ඇති නොයෙකුත් දේවල් වලින් ටයර් සිදුරු වීමටත් ඉඩ තියෙනවා. විශේෂයෙන්ම අධික ලෙස හුළං පිරවූ ටයරයක් මාර්ගය සමඟ අඩු සම්බන්ධතා ඇති කරන අතර ග්‍රහණය කිරීමත් අඩු කරනවා.

පීඩන වෙනස් වීම් නොසලකා හැරීම

ටයර් වල පීඩනය නියතයක් නෙවෙයි. උෂ්ණත්වයේ වෙනස්වීම් හේතුවෙන් එය ස්වභාවිකව වෙනස් වෙන්න පුළුවන්. කාලගුණය සිසිල් වන විට, ඔබේ ටයර් තුළ පීඩනය අඩු වෙනවා. ඒ වගේම පරිසරයේ උෂ්ණත්වය වැඩි වන විට ටයර් තුළ පීඩනයත් වැඩි වෙනවා. මේ නිසා ඔබේ ටයර් පීඩනය නිතිපතා පරීක්ෂා කිරීම ගොඩක් වැදගත්. මසකට වරක් සහ ඕනෑම දිගු ගමනකට පෙර ටයර් වල පීඩනය පරීක්ෂා කරන්න පුළුවන් නම් සිදු වෙන අනතුරු රැසක් ඔබට වළක්වා ගන්න පුළුවන්.

Gas Station මිනුම් මත රඳා සිටීම

සියලුම වායු පීඩන මිනුම් සමාන වෙන්නේ නැහැ. විශේෂයෙන් ඉන්ධන පිරවුම්හල්වල ඇති ඒවා ඉතා නිවැරදි නොවෙන්න පුළුවන්. මොකද ඒකට හේතුව තමයි එහි ඇති machine සෑම විටම හොඳින් නඩත්තු නොකිරීම. ඉතින් ඒ නිසා නිවැරදිම මිනුම් ලබා ගන්න ඔබට පුළුවන් quality tire pressure gauge එකක් ගන්න. ඒ වගේම ඩිජිටල් මිනුම් බොහෝ විට ඇනලොග් ඒවාට වඩා කියවීමත් ගොඩක් පහසුයි.

ඉතින් මේ දේවල් තමයි ටයර් එකකට හුළං ගැසීමේදී සිදුවන වැරදි. ඔබ අතිනුත් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ වැරදි සිදු වෙනවා නම් ඒ දේවල් වළක්වා ගන්න. ඒක ඔබට වගේම පාරේ ගමන් කරන අනෙක් පුද්ගලයින්ගේ ආරක්ෂාවටත් ගොඩක් වැදගත් දෙයක්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda Fit GE6 2008 for Sale

Honda Fit GE6 2008

172,000 km, Colombo
MEMBER
Rs 5,900,000
4 weeks ago
Audi A3 2023 for Sale

Audi A3 2023

29,000 km, Colombo
MEMBER
Rs 25,500,000
1 month ago
Honda WR-V X Grade 2025 for Sale

Honda WR-V X Grade 2025

0 km, Gampaha
verified MEMBER
Rs 17,300,000
2 minutes ago
Honda N-Box N BOX - 2025 for Sale

Honda N-Box N BOX - 2025

MEMBER
Rs 9,775,000
1 week ago
Toyota Hilux Revo Rocco 2017 for Sale

Toyota Hilux Revo Rocco 2017

126,000 km, Gampaha
MEMBER
Rs 19,500,000
1 week ago
Auto Parts for saleikman logo
Wagon R 44 S Rear Damper for Sale

Wagon R 44 S Rear Damper

verified MEMBER
Rs 2,000
12 minutes ago
Honda Grace Bonnet for Sale

Honda Grace Bonnet

verified MEMBER
verified
Rs 65,000
13 minutes ago
Toyota Axio 161 rear Bumper Bracket L /R for Sale

Toyota Axio 161 rear Bumper Bracket L /R

verified MEMBER
verified
Rs 5,500
16 minutes ago
+ Post an ad on ikman