අධික හිරු එළියෙන් ඔබේ වාහනය ආරක්ෂා කරගන්නේ කොහොමද?

28 Jun, 2023   
අධික හිරු එළියෙන් ඔබේ වාහනය ආරක්ෂා කරගන්නේ කොහොමද?

අව්ව හොඳටම සැර වෙලාවක, වාහනේ AC on කරගෙන ගියත් පොඩ්ඩක් හරි අපිට අව්වෙ සැර දැනෙනවනෙ. ඉතිං වාහනේට ඒක දැනෙන්නැද්ද? Drive කරනකොට නම්, ඒකට කරන්න දෙයක් නෑ. හැබැයි හිතන්නකො පැය ගණං කට්ට අව්වෙ තියෙනකොට වාහනේ තත්වෙ මොකක්ද කියලා. මේකට පිළියමක් යෙදුවෙ නැත්නම්, ඔබ නොදන්නවා වුණාට මේ ඉර අව්ව, වාහනයට ගොඩාක් බලපෑම් ඇති කරනවා. ඒ නිසා අද CarsGuide තුළින් අපි ඔබට කියන්නෙ, අධික හිරු එළියෙන් ඔබේ වාහනය ආරක්ෂා කරන්නේ කොහොමද කියලා.

හිරු එළියෙන් වාහනය රකින simple tips

හිරු එළිය සහ අධික රස්නය, වාහනයට ඉතා හානිකරයි. වාහනයක් අධික හිරු එළියේ තියෙනකොට අභ්‍යන්තර වායු උෂ්ණත්වය 145 ℉ ඉක්මවනවා. ඒ වගේම කෙලින්ම හිරු එළියට නිරාවරණය වන අභ්‍යන්තර පෘෂ්ඨයන් 195 ℉ ඉක්මවන උෂ්ණත්වයක් වාර්තා කරනවා.

හිරුගේ භයානක කිරණ වලින් ආරක්ෂා වෙන්න ඕනෙ, dashboard, seat විතරක් නෙවෙයි. හිරු එළිය නිසා වාහනයේ නිමාව සහ එන්ජිමත් තියෙන්නෙ ලොකු risk එකක. ඒ නිසා ඔබ වාහනය තුළ වගේම පිටත සහ hood එක යටත් හිරු එළියෙන් ආරක්ෂා කරගන්න ඕනෙ.

වාහනය ඇතුළ ආරක්ෂා කරන්නෙ කොහොමද?

වාහනය සෙවණ ඇති තැනක park කරන්න

තියෙන කලබලේට ඕක අමතක වෙන්න පුළුවන්. හැබැයි ඒක තමයි පහසුම ආරක්ෂාව. ඒ නිසා පොඩි වෙලාවක් අරගෙන වාහනේ park කරන්න හොඳම තැන බලන්න. ඒ වගේම මෙහිදී වාහනය තුළ උෂ්ණත්වය අඩු කරන්න, වායු පීඩනය සමාන කිරීමට උදව් වෙන විදියට shutters පහත් කරන්න.

Windshield sun protector භාවිතා කරන්න

ඒ මඟින් අහිතකර පාරජම්බූල කිරණ පරාවර්තනය කරන අතර ඒක ඔබේ වාහනය cool එකේ තියා ගැනීමට සහ හිරු රශ්මියෙන් සිදුවන damage එක වළක්වා ගැනීමට මාර්ගයක් වෙනවා.

Microfiber towel එකකින් dash එක පිසදමන්න

දූවිලි හා අපිරිසිදුකම නිසා කුඩා සීරීම් ඇති විය හැකි අතර ඒක කාලයත් එක්ක නරක අතට හැරෙන්න පුළුවන්. ඒ නිසා නිතරම ඒක කරන්න. Low-gloss detailing product එකත් dash ආරක්ෂා කරන අතර දීප්තිය අඩු කරනවා.

Seat cover දාන්න

මේක Leather සහ fabric seat ආරක්ෂා කරන්න වගේම cool ව තියාගන්නත් උදව් වෙනවා.

Conditioner එකක් මඟින් leather seat ආරක්ෂා කරන්න

මොකද හිරු එළියට සහ අධික රස්නයට පුළුවන් මේ මත බලපෑම් ඇති කරන්න. ඒ නිසා seat ආරක්ෂා කිරීමට වගේම පිරිසිදුව තබා ගැනීමට leather conditioner නිතර යොදන්න.

වාහනයේ පිටත ආරක්ෂා කරන්නෙ කොහොමද?

  • හිරු එළිය නිසා වාහනයේ paint එක මැකී ඉරිතැලීම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වාහනය නිතිපතා හෝදලා, dry කරන්න. ඒ මඟින් වාහනයේ ඇති දූවිලි හා අනෙකුත් අංශු ඉවත් කර පිරිසිදුව තියාගන්නවා. ඒ වගේම වාහනයේ සෞඛ්‍ය තත්වය ඉහළ නංවන අතර අකලට වයසට යාමත් ප්‍රමාද කරනවා.
  • වාහනය wax කරන්න. වාහනයේ නිමාව සහ සූර්යයාගේ පාරජම්බූල කිරණ අතර wax layer එකක් තිබීම, එය ආරක්ෂා කිරීමට උදව් වෙනවා. මොකද ඒ wax layer එක පාරජම්බූල කිරණ අවශෝෂණය කරනවා වෙනුවට පරාවර්තනය කරනවා. වාහනය කොපමණ වාරයක් wax කිරීම අවශ්‍ය වෙනවද? ඒකට උත්තරේ ඔබට තිබෙන වාහනය මත පදනම්ව වෙනස් වෙනවා. කොහොම නමුත් අධික උණුසුම් වීම වළක්වන නිසා සාමාන්‍යයෙන් වාහනය නිතිපතා wax කිරීම සුදුසුයි.
  • Tyre pressure එක check කරන්න. මොකද උණුසුම් පාර සහ අඩු හුළං සහිත ටයර් භයානක සංයෝජනයක් විය හැකි අතර පිපිරීමක් ඇති වෙන්න පුළුවන්. හොඳ ටයර් වල පවා මසකට air pressure එක රාත්තල් එකක් පමණ අඩු විය හැකි නිසා රත් වූ විට, නිතරම tyre pressure එක check කිරීම ගොඩාක් වැදගත් වෙනවා.

Hood එක යට ආරක්ෂා කරන්නෙ කොහොමද?

Cooling system

වාහනයේ එන්ජිම අධික ලෙස උණුසුම් වීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා cooling system එක හොඳට වැඩ කරනවද කියලා බලන්න.

Fluids

Fluid level එක recommend කරලා තියෙන මට්ටමට වඩා අඩු වූ විට, අධික උණුසුම් වීමේ හැකියාව බෙහෙවින් වැඩි වෙනවා. ඒ නිසා motor oil, transmission fluid, power steering fluid සහ brake fluid හැමදාම check කරන්න.

Battery

අධික උෂ්ණත්වයන් සහ වාහනයේ AC භාවිතය, වාහනයේ බැටරිය දිරාපත් වීමට වගේම ඉක්මනින් ආසමත් වීමටත් හේතු වෙන්න පුළුවන්. වාහනයේ බැටරිය හා සම්පූර්ණ charging system එක නිසියාකාරව ක්‍රියාත්මක වන බව sure කර ගන්න professional mechanic කෙනෙකු විසින් නිතිපතා බැටරිය check කරගන්න.

AC

වාහනය තුළ උෂ්ණත්වය ප්‍රමාණවත් තරම් cool නැත්නම්, AC පද්ධතියේ refrigerant charge level එක අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වඩාත් බරපතල ගැටළුවක් තිබෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන් ඒක check කරගන්න.

දැක්කා නේද? ඔබ කිසිම දවසක නොහිතපු දෙයක් තමයි, වාහනේ අව්වෙන් ආරක්ෂා කර ගන්න ඕනෙ කියන එක. ඉතින් අපි අද කියපු විදියට ඔබට පුළුවන් මීට පස්සෙ වාහනේ අව්වෙන් ආරක්ෂා කර ගන්න. එතකොට කොච්චර රස්නයක් තිබුණත් ඔබත් cool එකේ, වාහනෙත් cool එකේ.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Vitz 2018 for Sale

Toyota Vitz 2018

79,000 km, Gampaha
MEMBER
Rs 8,800,000
4 days ago
Toyota Land Cruiser Sahara ZX LC300 2025 for Sale

Toyota Land Cruiser Sahara ZX LC300 2025

0 km, Colombo
verified MEMBER
Rs 105,000,000
1 week ago
Daihatsu Taft G Turbo 2025 for Sale

Daihatsu Taft G Turbo 2025

200 km, Kurunegala
verified MEMBER
Rs 9,400,000
3 hours ago
Suzuki Wagon R Stingray 2015 for Sale

Suzuki Wagon R Stingray 2015

107,500 km, Gampaha
MEMBER
Rs 6,325,000
3 hours ago
Toyota Hilux G R Sport 2024 for Sale

Toyota Hilux G R Sport 2024

0 km, Puttalam
verified MEMBER
Rs 31,600,000
4 hours ago
Auto Parts for saleikman logo
Toyota Hilux Electric Roller Shutters for Sale

Toyota Hilux Electric Roller Shutters

verified MEMBER
Rs 420,000
3 days ago
Honda fit shuttle gp2 head light for Sale

Honda fit shuttle gp2 head light

verified MEMBER
verified
Rs 30,000
5 hours ago
Suzuki Carry DA16 Truck Head Light for Sale

Suzuki Carry DA16 Truck Head Light

verified MEMBER
verified
Rs 25,000
5 hours ago
Toyota Tank Roomy Inner Guard for Sale

Toyota Tank Roomy Inner Guard

verified MEMBER
verified
Rs 12,000
5 hours ago
Toyota axio rear buffer 141 for Sale

Toyota axio rear buffer 141

verified MEMBER
verified
Rs 15,000
5 hours ago
+ Post an ad on ikman