මෝටර් රථයේ ශබ්දය වැඩි කළ හැකි ක්‍රම

16 May, 2024   
මෝටර් රථයේ ශබ්දය වැඩි කළ හැකි ක්‍රම

ඔයාට පුළුවන්ද ඇස් දෙකට දකින්නේ නැතුව ශබ්දයෙන් විතරක් වාහනයක් හඳුනාගන්න? වාහන ගැන කැමැත්තක්, ආසාවක් තියෙන ගොඩක් දෙනාට මේ හැකියාව තියෙනවා. ඒ වගේම විවිධ වාහන වලට ඒවාටම ආවේනික වුණු ශබ්දයක් තමයි තියෙන්නේ. ඒත් සමහර අයට තමන්ගේ වාහනයට එන original sound එක මදි. එතකොට ඔවුන් කරන්නේ විවිධ ක්‍රම භාවිතා කරලා වාහනයේ ශබ්දය වැඩි කරගන්න එක. ඉතින් ඒ නිසාම CarsGuide අපි හිතුවා මෝටර් රථයේ ශබ්දය වැඩි කළ හැකි ක්‍රම කිහිපයක් ඔබට කියන්න.

Exhaust pipes වල සිදුරු හදන්න

Exhaust සිදුරු කිරීමෙන් sound waves වැඩිපුර පිටවීමට ඉඩ සලසනවා. Muffler සහ catalytic convertor අතර exhaust එකේ අඟල් 0.38 (සෙ.මී. 0.95) ක වගේ කුඩා සිදුරු 6-8ක් විදින්න පුළුවන්. මේ සඳහා cobalt-tipped drill එකක් භාවිතා කරන්න. මෙම සිදුරු මගින් ඔබේ මෝටර් රථයට වඩාත් aggressive sound එකක් ලබා ගන්න පුළුවන්.

Exhaust pipes පිරිසිදු කරන්න

මෝටර් රථයට වැඩි ශබ්දයක් ලබා ගන්න නම් ඔබේ exhaust pipes වල ශබ්දය අවහිර කරන කාබන් ඉවත් කරන්න ඕනේ. මොකද exhaust pipes වල කාබන් බැඳිලා තිබෙන විට, engine එකේ ක්‍රියාකාරිත්වය සහ ශබ්දය අඩු වෙනවා. සබන් හා වතුර භාවිතා කරලා exhaust pipes වල තියෙන කුණු ඉවත් කරන්න පුළුවන්. ඉන්පසු exhaust එක පුරා degreaser apply කරන්න.

Exhaust tip add කරන්න

Engine එකේ ශබ්දය වැඩි කිරීමට tailpipe එකට exhaust tip එකක් එකතු කරන්න පුළුවන්. ඔබට smooth purr ශබ්දයක් හෝ aggressive roar ශබ්දයක්ද අවශ්‍ය යන්න මෙහිදී customize කරන්න පුළුවන්.

අලුත් muffler එකක් ගන්න

උපරිම ශබ්දයක් සඳහා straight-through muffler එකක් තෝරන්න. මෙම වර්ගයේ muffler මඟින් exhaust gasses සහ ශබ්ද තරංග පහසුවෙන් පිටවීමට ඉඩ සලසනවා. ඒ විතරක් නෙවෙයි එමඟින් ඔබේ වාහනයේ පරිමාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත් සිදු වෙනවා. ඔබට අවශ්‍ය ශබ්දය ලබා ගැනීම සඳහා, muffler placement එකකට ගිහින් බලන්න. බොහෝ muffler වාහනයේ පසුපස කෙළවර අසල තමයි පිහිටා තිබෙන්නේ. නමුත් ඊටත් වඩා විශාල ශබ්දයක් සඳහා එය engine එකට සමීපව (tailpipe එක දිගේ) ගෙන යන්න.

Exhaust pipes විශාල කරන්න

Major roar සඳහා ඔබේ වාහනයේ exhaust pipes අඟල් 0.5කින් (සෙ.මී. 1.27) වැඩි කරන්න. Exhaust system එකේ ඔබේ වාහනයේ ශබ්දය සඳහා උදව් වෙන exhaust pipes, muffler සහ resonator ඇතුළත් වෙනවා. ඔබේ වාහනයේ gas flow එක වැඩි කිරීමට සහ වැඩි ශබ්දයක් ඔබේ වාහනයෙන් පහසුවෙන් පිටවීමට තරමක් විශාල exhaust pipes වලට මාරු වෙන්න.

Straight-pipe exhaust system එකකට convert කරන්න

Loud straight-pipe එකකින්, noise-suppressing exhaust එක replace කරන්න. මෙම වෙනස් කිරීම මගින් catalytic convertor, resonator සහ muffler එක ඉවත් වී එය straight, single tube එකක් සමඟ replace වෙනවා. Tube එකේ සැලසුම මඟින් ශබ්දය වඩාත් පහසුවෙන් ගමන් කිරීමට ඉඩ සලසන අතර, සමහර පද්ධති ඩෙසිබල් 120කට වඩා ළඟා වෙනවා.

Cat-back exhaust එකකට මාරු වෙන්න

Torque එක සහ volume එක වැඩි කිරීමට dual exhaust cat-back system එකකට පුළුවන්. මෙම වෙනස් කිරීම ඔබේ වාහනයේ engine එක මත ඇති වෙන පීඩනය අඩු කර, වාතය සහ ශබ්දය වැඩි කරනවා . Dual exhausts වඩාත් aggressive noise එකක් ඇති කරනවා.

Engine එක upgrade කරන්න

ඔබට Robust, resonant sound එකක් සඳහා V6 හෝ V8 engine එකකට මාරු වෙන්න. ඔබේ වාහනයේ engine එකේ cylinders ගණන වැඩි වන තරමට බලය සහ ශබ්දයද වැඩි වෙනවා. නමුත් inline engines නොව, V engine කුඩා අවකාශයකට වැඩි cylinders ප්‍රමාණයක් අසුරන බැවින් ඒවා බොහෝ විට high-performance sports cars වල දක්නට ලැබෙනවා.

ඉතින් මේ තමයි වාහනයක ශබ්දය වැඩි කරන්න පුළුවන් ලේසිම ක්‍රම. ඔබත් ඔබේ වාහනයේ ශබ්දය වැඩි කරන්න හිතාගෙන ඉන්නවා නම් CarsGuide අද අපි කිව්වා දේවල් ගැන හිතලා බලන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Wagon R Stingray Turbo 2023 for Sale

Suzuki Wagon R Stingray Turbo 2023

1,800 km, Colombo
verified MEMBER
Rs 9,400,000
22 hours ago
Honda Vezel 2015 for Sale

Honda Vezel 2015

86,500 km, Galle
MEMBER
Rs 11,200,000
2 minutes ago
Suzuki Wagon R Stingray 2018 for Sale

Suzuki Wagon R Stingray 2018

114,000 km, Colombo
verified MEMBER
Rs 6,875,000
2 days ago
Honda Vezel Z PREMIUM 2025 for Sale

Honda Vezel Z PREMIUM 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 20,250,000
5 days ago
Toyota Hilux GR-Sport 2.8L-Revo 2025 for Sale

Toyota Hilux GR-Sport 2.8L-Revo 2025

0 km, Gampaha
verified MEMBER
Rs 33,000,000
6 minutes ago
Auto Parts for saleikman logo
Japan Tail Lights for Sale

Japan Tail Lights

verified MEMBER
verified
Rs 10,000
1 week ago
Toyota Prius Hybrid Battery for Sale

Toyota Prius Hybrid Battery

verified MEMBER
verified
Rs 430,000
4 days ago
honda fit gp5 gp1 Engine Underguard for Sale

honda fit gp5 gp1 Engine Underguard

verified MEMBER
verified
Rs 25,000
47 minutes ago
Universal D1 Spec Oil Catch Can for Sale

Universal D1 Spec Oil Catch Can

verified MEMBER
verified
Rs 12,500
1 hour ago
+ Post an ad on ikman