වාහනේ බැටරිය පරිස්සම් කරගන්නේ මෙහෙමයි

28 Jul, 2023   
වාහනේ බැටරිය පරිස්සම් කරගන්නේ මෙහෙමයි

වාහනයක battery කියන්නේ හරියට අපි ආශ්වාස කරන ඔක්සිජන් වගේ දෙයක්. මොකද අපිට ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න බැහැ වගේම වාහනයකටත් battery එක නැතුව පැවැත්මක් නැහැ. හැබැයි ගොඩක් දෙනෙක් battery එක ගැන හිතන්නේ ලෙඩ දෙන්න ගත්තම. එතකොට ඉතින් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. සමහර අවස්ථා වලදී අලුත් battery එකක් repalce කරන්නත් සිදු වෙන්න පුලුවන්.
මේ දවස් වල ආර්ථිකයත් එක්ක වාහන parts වල මිල හිතා ගන්නවත් බැරි තරමට ඉහළ ගිහින් තියෙන්නේ. ඒ නිසාම CrasGuide අපි හිතුවා වාහනයේ battery එක පරිස්සම් කරගන්න විදිහ ඔබට කියලා දෙන්න.

1. Engine එක පණ ගැන්වීමේ වාර ගණන සීමා කරන්න

අපි වාහනයක් ගන්නේ අපේ ගමන් බිමන් ලේසි කරගන්න. හැබැයි එහෙමයි කියලා පයින් යන්න පුලුවන් අඩි 10 දුරත් ගෙදර තියෙන වාහනේ start කරගෙන යනවා නම් මේ හේතුව නිසාම ඔබේ වාහනයේ battery ආයු කාලය අඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි වාහනයේ engine එක ළඟ වැඩි වාර ගණනක් on – off කිරීම නිසාද battery ආයු කාලය වගේම starter motor එකේ ආයු කාලයද අඩු වෙනවා. ඉතින් ඒ නිසා වාහනයේ engine එක පණ ගැන්වීමේ වාර ගණන සීමා කරන්න නිතරම උත්සාහ කරන්න.

2. Electronic device charge කරන්න එපා

ගොඩක් දෙනෙක් කරන තවත් වැරද්දක් තමයි වාහනයේ engine එක පණ ගැන්වීමකින් තොරව, වාහන battery එකේ charge එකෙන් phones වගේ electronic device charge කරන එක. මෙතනදී වෙන්නේ charge කිරීම නිසා වාහන battery එකේ power එක direct අඩු වෙන එක. ඒක battery එකේ ආයු කාලය අඩු වීමට ලොකු හේතුවක් වෙනවා. ඒ නිසා කිසිම දවසක engine එක ක්‍රියාත්මක නොකර වාහනයේ battery එක මඟින් electronic device charge කරන්න එපා.

3. නිවැරදි ධාරිතාවයෙන් යුතු battery එකක් ගන්න

වාහනයේ battery එක පරිස්සම් කරගන්න නම් අනිවාර්යෙන්ම කරන්න ඕනේ දෙයක් තමයි වාහනයට ගැළපෙන නිවැරදි ධාරිතාවයෙන් යුතු battery එකක් තෝරා ගැනීම.
උදාහරණයක් විදියට ගත්තොත් 800cc engine එකක් තියෙන වාහනයකට සුදුසු වෙන්නේ වෝල්ටීයතාවය 35ක් වගේ තියෙන battery එකක්. ඒ වගේම 1500cc engine එකකට සුදුසු වන්නේ 45ක වෝල්ටීයතාවකින් යුතු battery එකක් තමයි.

ඩීසල් car එකක් ගත්තොත් එහි engine එක 1800cc – 2000cc අතර වෙනවා. ඉතින් ඒ වගේ වාහනයට ගැලපෙන්නේ 65 -70 අතර වෝල්ටීයතාවයක් තියෙන battery එකක්. ඒ වගේම එන්ජින් ධාරිතාවය 2000cc වලින් ඉහළ වාහන සඳහා 90ක වෝල්ටීයතාවකින් යුතු battery එකක් තමයි සුදුසු වන්නේ.

ඔබේ වාහනයට නොගැළපෙන battery එකක් තෝරා ගැනීම නිසාත් battery ආයු කාලය අඩු වෙනවා. ඒ නිසා නිවැරදි battry එකක් තෝරාගන්න අමතක කරන්න එපා.

4. Battery එක නිවැරදිව සවි කරන්න

වාහනයේ battery එක පරිස්සම් කරගන්න පුලුවන් තවත් ක්‍රමයක් තමයි ගැස්සීම්, පැද්දීම් වලට ඔරොත්තු දෙන විදියට battery එක සවි කිරීම. අපි වාහනයක් drive කරනකොට රළු පාරවල් වල ගමන් කරන්න සිදු වෙනවා. ඒ වගේම හදිසි අවස්ථා වලදී අනතුරු වළක්වා ගැනීමට වාහනය එකවර හරවන්න සිදු වෙන්නත් පුලුවන්. ඉතින් මේ වගේ වෙලාවල් වලට battery එක සෙලවුණොත් spark ඇති වෙන්න පුලුවන්. මේ වගේ නිතර නිතර spark වීම battery එකේ ආයු කාලය අඩු කරන්න හේතු වෙනවා.

ඉතින් අපිට පුලුවන් bracket එකක් මඟින් ගැස්සීම්, පැද්දීම් වලට ඔරොත්තු දෙන විදියට battery එක සවි කරන්න.

5. Battery එක පරික්ෂා කරන්න

ඕනෙම දෙයක් වැඩි කාලයක් භාවිතා කරන්න නම් අනිවාර්යෙන්ම අපි ඒ දේ නිතර නිතර පරික්ෂා කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. අද අපි කතා කරන වාහන battery එකටත් මේ දේ අදාළයි.

ඒ නිසා මාස 3කට වරක් වත් battery එකේ වෝල්ටීයතා මට්ටම සහ වාහනයේ charging point එකේ වෝල්ටීයතා මට්ටම පරික්ෂා කරගන්න ඕනේ. ඒ වගේම තමයි battery එකේ වතුර මට්ටම පරික්ෂා කරලා බලන්නත් අමතක කරන්න එපා. විශේෂම දේ තමයි ඔබ වැඩිපුර වාහනය භාවිතා නොකරන කෙනෙක් නම් අවම සති දෙකකට වරක්වත් මෝටර් රථය පණ ගන්වන්න ඕනේ. එතකොට පුලුවන් වාහනයේ battery එකේ ආයු කාලය නිසි පරිදි පවත්වා ගන්න.

ඉතින් මේ විදියට තමයි වාහනේ බැටරිය පරිස්සම් කරගන්නේ. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව වාහනයේ battery එකේ ආයු කාලය අඩු කරන වැරදි සිදු වුණා නම් අදම ඒ දේවල් නවත්වන්න. ඒ වගේම CarsGuide අද ඔබට කියලා දුන්න විදිහට වාහනය භාවිතා කළොත් ලෙඩ අඩුවෙන්, ගොඩක් කල් ඔබේ වාහන battery එක භාවිතා කරන්න හැකියාව ලැබෙනවා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Wagon R Stingray 2018 for Sale

Suzuki Wagon R Stingray 2018

73,000 km, Colombo
MEMBER
Rs 7,400,000
1 week ago
Honda Vezel Z Play 2024 for Sale

Honda Vezel Z Play 2024

5,800 km, Kurunegala
MEMBER
Rs 21,750,000
58 seconds ago
Toyota Verossa 2001 for Sale

Toyota Verossa 2001

176,000 km, Colombo
MEMBER
Rs 6,500,000
1 week ago
Toyota Axio Corolla 1.5L hybrid 2024 for Sale

Toyota Axio Corolla 1.5L hybrid 2024

102 km, Colombo
verified MEMBER
verified
Rs 16,950,000
2 weeks ago
Honda Vezel Z grade Orange pack 2014 for Sale

Honda Vezel Z grade Orange pack 2014

126,000 km, Matara
verified MEMBER
Rs 10,100,000
8 minutes ago
+ Post an ad on ikman