Resale Value එක වැඩි කරන Car Modifications

06 Nov, 2023   
Resale Value එක වැඩි කරන Car Modifications

කවුරු හරි ඔබෙන් ඇහුවොත්, වාහනයක් modify කරන්න හේතු මොනවද කියලා, ඔබ දෙන උත්තර මොනවද? ඒ වෙලාවට ඔබ දෙන්නේ, වාහනයට හොඳ appearance එකක් ලබා ගන්න, performance වැඩි කර ගන්න, driving experience එක වැඩි කර ගන්න වගේ උත්තර. දැන් හිතන්නකො, ඔබ වාහනය resale කරන්න යන්නේ කියලා. වාහනයක් පාවිච්චි කරනකොට, ඒකෙ value එක ටිකෙන් ටික අඩු වෙනවනේ. එහෙනම් කොහොමද වාහනයේ resale value එක වැඩි කර ගන්නේ. මේකටත් ඔබට පුළුවන්, වාහනය modify කරන්න. ඒ විදිහට වාහනයේ resale value එක වැඩි කරන car modifications ගැන තමයි, CarsGuide අපි අද ඔබට කියන්නේ.

Body kit

Body kit එක මඟින් වාහනයට සම්පූර්ණයෙන්ම new look එකක් ලබා දෙනවා. ඒ වගේම අනිත් වාහන වලට වඩා කැපිලා පේනවා. විවිධ වාහන වලට body kits හොයා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ body kits එන්නේ, install කරන්න අවශ්‍ය කරන සියලුම දේත් එක්ක. ඒවල price එක නම් තරමක් වැඩි වෙන්න පුළුවන්. හැබැයි, හරිම body kit එක තෝරා ගත්තොත්, ඔබේ වාහනයේත් resale value එක වැඩි කර ගන්න පුළුවන් modification එකක් තමයි, body kit කියන්නේ.

Exhaust system

වාහනය අලෙවියෙන් පස්සේ, exhaust system එකකට පුළුවන්, වාහනයේ look එකට හොඳ touch එකක් එකතු කරන්න. ඒ වගේම මේ හරහා performance එකත් වැඩිදියුණු කරනවා. හැබැයි, exhaust system එකේ size එක, sound එක ඕනවට වඩා වැඩි කරන්න ගියොත්, වාහනයේ resale value එක අඩු වෙන්න පුළුවන්.

Wheels හා tyres upgrade කිරීම
වාහනයේ wheels හා tyres upgrade කිරීමෙන්, වාහනයේ appearance එක සහ performance කියන දෙකම වැඩිදියුණු කර ගන්න පුළුවන්. මේක වාහනයේ resale value එක වැඩි කර ගන්න පුළුවන් modification එකක් වුණත්, tyres හොඳ තත්වයේ තියෙන බවට වග බලා ගන්න ඕනේ.

Lights

වාහනය අලෙවියෙන් පස්සේ, lights එකතු කිරීමෙන්, වාහනයට unique look එකක් ලබා ගන්න පුළුවන්. මේ හරහා වාහනයේ resale value එක වැඩි වෙනවා. හැබැයි ඔබ මුලින්ම මේ modification එක සඳහා තියෙන නීතිමය තත්වය ගැන හොයලා බලලා ඉන්න ඕනේ. නැත්නම් වාහනයේ resale value එක අඩු වෙන්න පුළුවන්.

Interior එක modify කිරීම

Interior එක modify කරන එක, වාහනය personalize කරන්න හොඳ ක්‍රමයක්. මෙතනදි seats වලට අලුතෙන් seat covers දැමීම, steering wheel එකට cover එකක් දැමීම වගේ සරල modifications තමයි කරන්න ඕනේ. ඔබට හිතෙන්න පුළුවන්, මේවා සාමාන්‍ය modifications කියලා. ඇත්තටම interior එක පෙනුමට තියෙනකොට, වාහනයේ resale value එක වැඩි කර ගන්න පුළුවන්. මතක ඇතුව අපි කියපු විදිහට සරල modifications මිසක්, permanent changes කරන්න යන්න එපා.

Paint එක වෙනස් කිරීම

Fresh paint coat එකක් මඟින් වාහනයේ appearance එක ගොඩක් ලස්සන විදිහට වෙනස් කර ගන්න පුළුවන්. විශේෂම දේ තමයි ඔබ වාහනය resale කරන්න බලාපොරොත්තු වෙන අය අකමැති colour එකකින් වාහනය paint කරන්න එපා. ඔබට ඒ ගැන එච්චර sure එකක් නැත්නම්, black, white හෝ silver colour එකක් use කරන්න.

Transparent GPS සවි කිරීම

ඔබ වාහනයෙන් ගොඩක් ගමන් බිමන් යනවා නම්, transparent GPS සවි කිරීම වාහනයට පහසු modification එකක් වෙනවා. ඒක වාහනයේ GPS unit එක ආරක්ෂිතව තියාගන්න අතර, මාර්ගයට හොඳ focus එකක් දෙන්න ලේසි කරනවා. ඒ වගේම මේක drive කරනකොට, ඔබේ phone එක charge කරලා තියාගන්න හොඳ ක්‍රමයක්. ඒ නිසා, transparent GPS සවි කිරීම කියන්නෙත්, වාහනයේ resale value එක වැඩි කරන modification එකක්.

Leather seats සවි කිරීම

Luxury වාහනයක් නොවුණත්, leather seats කියන්නේ, ඕනම වාහනයකට luxury look එකක් දෙන modification එකක්. හැබැයි මේ seats වලට damage එකක් වුණොත්, replace කරන එක නම්, ලොකු මුදලක් වියදම් වෙන වැඩක් වෙන්න පුළුවන්. ඒ නිසා, leather seats දානවා වගේම, ඒවා කැපීම්, ඉරීම් වගේ දේවල් වලින් පරිස්සම් කර ගන්නත් ඕනේ.

Suspension system

අලුත් suspension system එකක් install කිරීම කියන්නේ, වාහනයේ handling improve කරන්න පුළුවන් හොඳ modification එකක්. වාහනයේ handling improve වෙනවා කියන්නේ, ඒක හොඳ value එකකට resale කරන්න පුළුවන් කියන එක.

මේ තමයි, වාහනයේ resale value එක වැඩි කර ගන්න පුළුවන් modifications. හැබැයි ඉතින් මේවා හිතපු පලියට කරන්න පුළුවන්, modifications නෙවෙයි. සමහර විට වැඩි වියදමක් වෙන්න පුළුවන්, නීතිමය තත්වයන් සහතික කර ගන්න ඕන වෙන්න පුළුවන් එහෙමත් නැත්නම්, කරපු modification එක පරිස්සම් කර ගන්න ඕන වෙන්න පුළුවන්. ඉතින් අපි අද කියපු විදිහටම try කළොත්, කිසිම ප්‍රශ්නයක් නැතුව, ඔබේ වාහනයේ resale value එකත් වැඩි කර ගන්න පුළුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Ford Raptor Ranger 3L Petrol 2025 for Sale

Ford Raptor Ranger 3L Petrol 2025

10 km, Gampaha
verified MEMBER
Rs 38,950,000
1 week ago
Austin Mini Cooper 2011 for Sale

Austin Mini Cooper 2011

107,500 km, Colombo
MEMBER
Rs 12,500,000
45 minutes ago
Toyota Corolla 1993 for Sale

Toyota Corolla 1993

250,000 km, Kandy
MEMBER
Rs 2,995,000
45 minutes ago
Toyota Hilux Rocco B5 2020 for Sale

Toyota Hilux Rocco B5 2020

59,500 km, Gampaha
verified MEMBER
verified
Rs 24,750,000
46 minutes ago
Toyota Premio 260 G Superior 2020 for Sale

Toyota Premio 260 G Superior 2020

53,500 km, Gampaha
verified MEMBER
verified
Rs 17,750,000
46 minutes ago
Auto Parts for saleikman logo
Japan Tail Lights for Sale

Japan Tail Lights

verified MEMBER
verified
Rs 10,000
2 weeks ago
Vezel Engine Bed for Sale

Vezel Engine Bed

verified MEMBER
Rs 50,000
5 hours ago
Honda Vezel Rear bumper lights for Sale

Honda Vezel Rear bumper lights

verified MEMBER
verified
Rs 12,500
5 hours ago
Fit GP1 Stabilizer Link for Sale

Fit GP1 Stabilizer Link

verified MEMBER
Rs 4,000
5 hours ago
Hero Splender Ismart Fuel Tank for Sale

Hero Splender Ismart Fuel Tank

MEMBER
Rs 22,500
6 hours ago
+ Post an ad on ikman