වාහන modification කරන්න පුලුවන්ද?

02 Jun, 2023   
වාහන modification කරන්න පුලුවන්ද?

ගොඩක් දෙනෙක්ගේ හීනයක් තමයි වාහනයක් ගන්නවා කියන එක. හැබැයි අද ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක brand new වාහනයක් ගන්න එක නම් pocket එකට ටිකක් දරාගන්න අමාරුයි. ඒ නිසා ගොඩක් දෙනා පෙළඹිලා ඉන්නවා second hand වාහන ගන්න. ඉතින් මේ විදියට වාහනයක් ගත්තම ගොඩක් දෙනා වාහනයට අලුතෙන් parts, stickers වගේ දේවල් එකතු කරලා වාහනය modification කරනවා. හැබැයි මේ විදියට වාහන modification කරන එක නීතියට අනුකූලද කියන එක නම් ප්‍රශ්නයක්. ඒ නිසා  CarsGuide තුළින් අපි කතා කරන්නේ වාහන modification ගැන.

මුලින්ම නීතිමය අවසර

අපි වාහනයක් modification කරන්න කලින් නීතිමය අවසරයක් ගැනීම අතවශ්‍ය වෙනවා. මෝටර් රථ පනතේ 19 වන වගන්තියේ දක්වලා තියෙනවා මොන විදියටද වාහනයක් modify කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් එම කරුණු වලට අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ.මොන විදියකට හරි වාහනයක් modification කරනවා නම් මුලින්ම මෝටර් රථ කොමසාරිස්වරයාගේ පූර්ව අවසරය ලබා ගන්න ඕනේ.මොකද මේ නීති හදලා තියෙන්නේ වාහනයේ ගමන් කරන පුද්ගලයින්ගේ වගේම පාරේ ගමන් කරන අනෙකුත් පුද්ගලයන්ගේත් ආරක්ෂාව සහතික වෙන විදියට.

මොන වගේ Modification එකක්ද?

Modification අපිට කොටස් දෙකකට බෙදන්න පුලුවන්.

පළවෙනි විදිය තමයි performance type modification. මෙතනදී වෙන්නේ වාහනයේ performance වැඩිදියුණු කරන එක. ඒ වගේම වාහනයේ performance upgrade කිරීමත් ඇතුළත් වෙන්නේ performance type modification කියන කාණ්ඩයට.හැබැයි මේ modification එක කරන්න ඕනේ හරියටම subject එක දන්නවා නම් විතරයි.

Modification වල දෙවනි කාණ්ඩය තමයි outlook modification කියන්නේ. මෙතැනදී වෙන්නේ වාහනයේ බාහිර පෙනුම වෙනස් කරන එක. අමතර parts, stickers වගේ දේවල් add කරලා outlook modification එක කරන්න පුලුවන්. හැබැයි ඉතින් හිතුමතේට කෂනිකව මේ දේවල් කරන්නේ නැතුව හොයලා බලලා කරන එක තමයි හොඳ.

තියෙන ලස්සනත් නැති වෙයිද?

අපි වාහනයක් modification කරන්නේ තමන්ගේ වාහනය අනිත් අය අතරේ කැපිලා පෙන්න වගේම ආකර්ෂණය ලබා ගන්න. එහෙමත් නැත්නම් ආත්ම තෘප්තියට. හැබැයි modify කරන්න ගිහින් තියෙන ලස්සනත් නැති කරගන්න අය ඕනේ තරම ඉන්නවා.ගොඩක් අය hatchback, sedan , වාහන වලට 4 wheel පෙනුමක් ගේන්න අමතර කොටස් එකතු කරනවා. ඒකෙන් වෙන්නේ වාහනයේ පෙනුම විකෘති වෙන එක විතරයි.ඒ නිසා ඔයාට පුලුවන් පාවිච්චි කිරීමට අදාළව වාහනය modification කරන්න. විශේෂයෙන් off-road වාහන වල අපිට මේ වගේ modification බලාගන්න පුලුවන්.

දැන් තේරෙනවනේ හිතුමනාපෙට අපිට වාහනයක් modification කරන්න නම් බැහැ. ඒකට නීතිමය අවසරය වගේම හොඳ දැක්මකුත් තියෙන්න ඕනේ. අනිත් දේ තමයි modification කරපු වාහනයක් විකුණද්දී වුණත් ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්. මොකද ඔයා වගේ හිතන කෙනෙක් හොයාගන්නත් ඕනෙනේ. ඒ නිසා වාහනයක් modification කරන්න කලින් දෙපාරක් හිතන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Land Cruiser Prado LC 250 First Edition 2024 for Sale

Toyota Land Cruiser Prado LC 250 First Edition 2024

8,000 km, Colombo
MEMBER
Rs 62,000,000
4 days ago
Toyota Hilux Revo Hammer 2025 for Sale

Toyota Hilux Revo Hammer 2025

0 km, Gampaha
verified MEMBER
verified
Rs 27,500,000
4 days ago
Toyota Vitz SCP90 2007 for Sale

Toyota Vitz SCP90 2007

140,000 km, Galle
MEMBER
Rs 5,650,000
50 minutes ago
Kia Sportage Diesel 2012 for Sale

Kia Sportage Diesel 2012

175,000 km, Colombo
MEMBER
Rs 9,850,000
1 month ago
Hyundai Stellar 1989 for Sale

Hyundai Stellar 1989

175,000 km, Galle
MEMBER
Rs 775,000
1 hour ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 week ago
Vezel Engine Bed for Sale

Vezel Engine Bed

verified MEMBER
Rs 50,000
4 hours ago
Honda Vezel Rear bumper lights for Sale

Honda Vezel Rear bumper lights

verified MEMBER
verified
Rs 12,500
4 hours ago
Fit GP1 Stabilizer Link for Sale

Fit GP1 Stabilizer Link

verified MEMBER
Rs 4,000
4 hours ago
Hero Splender Ismart Fuel Tank for Sale

Hero Splender Ismart Fuel Tank

MEMBER
Rs 22,500
5 hours ago
+ Post an ad on ikman