වාහනය accident වුණොත් insurance එක ලබා ගන්නේ කෙසේද?

28 Jul, 2023   
වාහනය accident වුණොත් insurance එක ලබා ගන්නේ කෙසේද?

Accident කියන දේ ඕනම වෙලාවක වෙන්න පුළුවන්. මොකද ඔබ මහ පාරෙ drive කරන්නේ, වාහනයක්නේ. නමුත් ඔබේ අතින් accident එකක් වුණා කියලා, එක පාරටම claim ගන්න බැහැ. ඒ සඳහා යම්කිසි වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින් CarsGuide අපි හිතුවා, වාහනය accident වුණොත් claim එක ලබා ගන්නේ කොහොමද කියලා අද ඔබව දැනුවත් කරන්න.

අපි මෙතනදි කතා කරන මාර්ග අනතුරේ ස්වභාවය, driver ගේ නොසැළකිල්ල හේතුවෙන් වාහන දෙකක් ගැටීම හෝ වාහනයක් නිශ්චල වස්තුවක ගැටීමක් වෙන්න පුළුවන්. කොහොම වුණත්, claim එක ලබා ගැනීම සඳහා procedure එකක් තියෙනවා. අපි දැන් බලමු, වාහනය accident වුණාට පස්සේ, claim එක ලබා ගැනීමට අනුගමනය කළ යුතු පියවර මොනවද කියලා.

Insurance Company එකට කතා කරන්න

Accident එකක් වුණු වහාම ඔබ කරන්න ඕනේ, ඔබේ වාහනයේ Insurance Company එකට කතා කරලා, අනතුර ගැන දැනුම් දෙන එක. මොකද ගොඩාක් Insurance Company වලට අනතුර පිළිබඳව දැනුම් දීමට යම්කිසි කාල සීමාවක් තියෙනවා. ඉතින් ඔබ ඒ නියමිත කාලය තුළ අනතුර ගැන ඔවුන්ට දැනුම් දුන්නේ නැති වුණොත්, ඔබේ claim එක reject වෙන්න පුළුවන්. ඊට අමතරව අදාළ අනතුර ගැන ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දීමත් අනිවාර්යයයෙන්ම කරන්න ඕනේ.

ළඟම පොලිස් ස්ථානයේ FIR file කරන්න

FIR (First Information Report) කියන්නේ, වාහනයට සිදු වන හානිය සඳහා Insurance Company එකට claims ලබා දීමට, අවශ්‍ය වැදගත් ලියවිල්ලක්. හරියටම කිව්වොත්, Insurance Company එකට දැනුම් දෙනවා වගේම, ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් FIR file කිරීමත් වැදගත් වෙනවා. පසුව පොලිස් නිලධාරීන් අනතුර සිදු වූ ස්ථානයට පැමිණ, technical error එකක් නිසා, අනතුර සිදු වුණාද යන්න සෙවීමට, අදාළ ස්ථානය පරීක්ෂා කර බලනවා.

අනතුරේ photos ලබා ගන්න

මෙහිදී සිදු වන අනතුරෙන් ඔබට හෝ වාහනයට සිදු වන හානිය Insurance Company එකට පෙන්වීම සඳහා, එහි photos කිහිපයක් ලබා ගන්න. පසුව ඒවා අදාළ Insurance Company එකට ලබා දෙන්න.

Insurance Company එකට අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කරන්න

Insurance Company එකට අවශ්‍ය පරිදි, ඔබ වැදගත් ලියකියවිලි කිහිපයක copies ඉදිරිපත් කරන්න ඕනේ. එම ලියකියවිලි අතර driving licence, FIR, මෝටර් රථ ලියාපදිංචි සහතිකය, Insurance ඇතුළු ලිපි ලේඛන ඇතුළත් වෙනවා.

පාරෙ යන එන අතරතුර හදිස්සියේ හරි accident එකක් වුණොත් , අපි අද කියපු පියවර අනුගමනය කරන්න. එවිට, ඔබට කිසිම රස්තියාදුවක් නැතුව claim එක ලබා ගන්න පුළුවන්. නමුත් ඒකට ඔබ අනිවාර්යයෙන්ම වාහනය insurance කරලා තියා ගන්න ඕනේ.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Mercedes Benz CLA 200 2014 for Sale

Mercedes Benz CLA 200 2014

52,000 km, Colombo
verified MEMBER
Rs 16,450,000
5 days ago
Suzuki A-Star VXI 2013 for Sale

Suzuki A-Star VXI 2013

98,364 km, Colombo
verified MEMBER
verified
Rs 4,650,000
1 minute ago
Audi A4 S Line 2018 for Sale

Audi A4 S Line 2018

63,000 km, Colombo
verified MEMBER
Rs 20,900,000
4 minutes ago
Toyota Hilux Revo Rocco 2025 for Sale

Toyota Hilux Revo Rocco 2025

verified MEMBER
Rs 28,250,000
5 minutes ago
Audi A1 2016 for Sale

Audi A1 2016

70,000 km, Colombo
MEMBER
Rs 9,300,000
2 days ago
Auto Parts for saleikman logo
Toyota Prius Hybrid Battery for Sale

Toyota Prius Hybrid Battery

verified MEMBER
verified
Rs 430,000
5 days ago
BMW x1 car android audio setup with panel for Sale

BMW x1 car android audio setup with panel

verified MEMBER
verified
Rs 57,000
2 minutes ago
honda CR-V car door visor for Sale

honda CR-V car door visor

verified MEMBER
verified
Rs 2,500
3 minutes ago
+ Post an ad on ikman