වාහනයක් සීස් (seize) කරන්න පුලුවන්ද?

28 Jun, 2023   
වාහනයක් සීස් (seize) කරන්න පුලුවන්ද?

මේ දවස් වල ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි වාහනයේ ලීසිං එක සම්බන්ධ ප්‍රශ්න. ඒ අතරින් තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි වාරිකයක් දෙකක් ගෙව්වේ නැහැ කියලා ලීසිං ආයතනයෙන් බලහත්කාරයෙන්ම වාහනය අරගෙන යයිද කියන එක. ඉතින් අද CarsGuide අපි ඔයාට කියන්න යන්නේ ඇත්තටම වාහනයක් ඒ විදියට සීස් කරන්න පුලුවන්ද කියලා.

කල් බදු මුල්‍යකරණ පනත

වාහන ලීසිං සම්බන්ධයෙන් තියෙන සියලුම නීති සැකසිලා තියෙන්නේ කල් බදු මුල්‍යකරණ පනත අනුවයි. ලීස් එකක් ගන්න කෙනාට වගේම ලීස් එක දෙන කෙනාටත් අදාළ නීතිමය තත්වයන්, යුතුකම්, වගකීම් සහ අයිතිවාසිකම් මොනවද කියලා කල් බදු මුල්‍යකරණ පනතේ ඇතුළත් වෙනවා. කල්බදු ගිවිසුමක් කියන්නේ ආර්ථික වශයෙන් වටිනාකමක් තියෙන භාණ්ඩයක් සන්තකයේ තබා ගැනීම සඳහා කරන ගිවිසුමක්.

ලීසිං අයිතිවාසිකම්

ලීස් එකක් ගන්න කෙනෙක්ට තියෙන අයිතිවාසිකම්:

  • තමන්ට කැමති බදු දීමනාකරුවෙක් තෝරාගන්න පුලුවන්.
  • තමන්ට කැමති වාහනයක් තෝරාගන්න පුලුවන්
  •  ආයතනය බදු කොන්දේසි වෙනස් කරනවා නම් විරුද්ධ වෙන්න පුලුවන්

ලීසිං ආයතනයට තියෙන අයිතිවාසිකම්

  • නිවැරදිව වාහනය නඩත්තු කරනවාද කියා සොයා බැලීම

ලීසිං ගෙවීම පැහැර හැරියොත්…

කල් බදු මුල්‍යකරණ පනතේ දක්වලා තියෙන විදියට ගිවිසුමට අනුව ලීසිං වාරික ගෙවන්නේ නැත්නම්, වාරික ගෙවීම පැහැර හරිනවා නම් අදාළ ලීසිං ආයතනයට පුලුවන් ගිවිසුම අවලංගු කරලා වාහනය තමන්ට ලබා ගන්න. නමුත් මේ සඳහා ලීසිං ආයතනය අනුගමනය කළ යුතු පියවර කිහිපයක් තියෙනවා. අපි දැන් බලමු ඒ පියවර මොනවද කියලා:

  • අදාළ පුද්ගලයාට වාරික ගෙවන ලෙස දැනුම් දීම.
  • එවිට ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් එවිට ලීසිං ගිවිසුම අවලංගු කිරීම සහ ඒ පිළිබඳව අදාළ පුද්ගලයාව දැනුවත් කිරීම.
  • බදු ගැනුම්කරු විසින් වාහනය, ලීසිං ආයතනයට බාර දෙන්න කැමති නම් වාහනය ආයතනය වෙත ලබා ගැනීම.

බදු ගැනුම්කරු විසින් වාහනය, ලීසිං ආයතනයට බාර දෙන්න අකමැති නම්

නමුත් බදු ගැනුම්කරු වාහනය, ලීසිං ආයතනයට බාර දෙන්න අකමැති නම් ලීසිං ආයතනයට තවත් පියවර කිහිපයක් අනුගමනය කිරීමට සිදු වෙනවා. අපි දැන් බලමු ඒ පියවර මොනවද කියල.

  • වාහනයේ සන්තකය ලබා ගැනීමට දිසා අධිකරණයට පෙත්සමක් ගොනු කිරීම
  • වාහනයේ සන්තකය ලබා ගැනීමට දිසා අධිකරණයෙන් අතුරු නියෝගයක් ඉල්ලීම
  • අධිකරණය විසින් අතුරු නියෝගය ස්ථිර කළ පසු වාහනයේ සන්තකය ලීසිං ආයතනයට ලබා ගන්න පුලුවන්.

නමුත් බදු ගැනුම්කරු වාරික ගෙවන්න බැරි බව අධිකරණය ඉදිරියේ සාධාරණ ලෙස පැහැදිලි කළොත් අධිකරණයට හැකියාව තියෙනවා කලින් ලබා දුන් අතුරු නියෝගය අවලංගු කරන්න.

ඉතින් මේ විදියට තමයි වාහනයක ලීසිං එක පැහැර හැරියොත් ලීසිං ආයතනයට වාහනයේ සන්තකය පවරගන්න පුලුවන්. එහෙම නැතුව වාරික කීපයක් ගෙව්වේ නැහැ කියලා ලීසිං ආයතනයකට බැහැ වාහනයක් බලෙන් අරගෙන යන්න.

ඒ වගේම වාහනයක් ලීසිං කරලා ගන්න ඔබත් මතක තබාගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ ලීසිං වාරික හැකි පරිදි නිවැරදිව ගෙවාගෙන යන එක. නිවැරදි පරිදි ලීසිං වාරික ගෙව්වොත් මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ නම් නැහැ.

Similar Advices



1 comment

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Hustler 2018 for Sale

Suzuki Hustler 2018

172,234 km, Gampaha
MEMBER
Rs 6,075,000
1 month ago
Toyota Vitz Safety Edition 2016 for Sale

Toyota Vitz Safety Edition 2016

75,000 km, Ampara
MEMBER
Rs 7,750,000
1 week ago
Nissan Almera EL 2025 for Sale

Nissan Almera EL 2025

0 km, Colombo
verified MEMBER
Rs 12,550,000
5 minutes ago
Daihatsu Taft G-Dark Chrom Turbo 2024 for Sale

Daihatsu Taft G-Dark Chrom Turbo 2024

0 km, Gampaha
verified MEMBER
Rs 9,200,000
5 minutes ago
Honda Vezel Z Orange 2014 for Sale

Honda Vezel Z Orange 2014

141,000 km, Colombo
MEMBER
Rs 9,700,000
1 week ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman