වටරවුමේ නීතිය ගැන දැනුවත්ද?

04 Jan, 2024   
වටරවුමේ නීතිය ගැන දැනුවත්ද?

යම් කෙනෙක් ඔබට කතාවක් කියනකොට ඒ කෙනා අනවශ්‍ය දේවල් කියනවට එහෙම නැත්නම් වටරවුමේ යනවට ඔබ කැමති නෑනේ. හැබැයි ඉතින් drive කරනකොට නම්, ඔබටත් වටරවුමේ යන්න වෙනවා. අපි මේ කියන්නේ, round the bout එක ගැන. මේ වටරවුමේ යන්න නම් අනිවාර්යයෙන්ම අදාළ නීතිරීති ගැන දැනගෙන ඉන්නම ඕනේ. ඇත්තටම round the bout එකක් තුළ drive කරනවා කියන එක ඒ තරම් ලේසි දෙයක් නෙවෙයි. මොකද ඔබ හරියට මාර්ග සංඥා නීතිරීති වලට අනුකූලව drive කළාට, අනිත් drivers ලා ඒ දේවල් හරියට පිළිපදින්නේ නැති වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත්, වටරවුමේ නීතිය ගැන හරියට දැනුවත් වෙන එක ඔබට ගොඩක් වැදගත්. විශේෂයෙන් drive කරන්න ඉගෙන ගන්න අයටත් මේ වටරවුම් නීතිය ගොඩක් වැදගත්. ඉතින් අපි හිතුවා වටරවුමේ නීතිය ගැන, CarsGuide තුළින් අද ඔබව දැනුවත් කරන්න.

වටරවුමක් කියන්නේ මොකක්ද?

වට වංගුව කියන්නෙත්, වටරවුමටම තමයි. මුලින්ම ඔබ ඒ ගැන දැනගෙන ඉන්න ඕනේ. වටරවුමක් නැත්නම් round the bout එකක් හම්බ වෙන්න කලින් මාර්ග සංඥාවක් මඟින් “වටරවුම ඉදිරියෙන්”කියලා දක්වනවා. මේ මාර්ග සංඥාව දැකපු ගමන්, ඔබ වාහනය හරියටම සුදුසු තැන තියාගන්න ඕනේ. ඔබ යන්නේ වටරවුමෙන් ඉදිරියටද, වමටද නැත්නම් දකුණටද කියන එක මත වාහනය තියාගන්න ඕන තැන වෙනස් වෙනවා.

Round the bout එකෙන් වමට හරවන්නේ කොහොමද?

Round the bout එකකදී වාහනය වමට හරවනවා නම්, අනිවාර්යයෙන්ම වම් පැත්ත තමයි තෝරාගන්න ඕනේ. වටරවුමකදී ඔබට දකින්න ලැබෙනවා, නවතිනු රේඛා. වමට හරවනකොට මේ නවතිනු රේඛා ළඟ වාහනය නතර කර ගන්න ඕනේ. මොකද දකුණු පසින් එන වාහන වලට ප්‍රමුඛත්වය දෙන්න ඕන නිසා. ඒ කියන්නේ, මෙතනදි මුල් තැන දෙන්න ඕනේ, round the bout එක ඇතුළෙ ඉන්න අයට. ඔබට නැවතුම් රේඛාව මාර්ග සංඥාවකින් දක්වලා තියෙනවා බලා ගන්න පුළුවන්. දකුණු පසින් එන වාහන ගියාට පස්සේ, signal දාලා වම් පැත්තට හරවන්න පුළුවන්. Round the bout එක ඉවර වුණාට පස්සේ, signal light off කරන්න ඕනේ.

Round the bout එකෙන් ඉදිරියට යන්නේ කොහොමද?

Round the bout එකකින් ඉදිරියට යනවා නම්, පාරේ මැද lane එක තමයි භාවිතා කරන්න ඕනේ. කෙළින්ම යනකොට signal දාන්න අවශ්‍ය නැහැ. හැබැයි round the bout එකේ මැදට ගියාට පස්සේ, වමට signal දාන්න ඕනේ. අමතක නොකර round the bout එක පහු වුණාට පස්සේ, signal off කරන්න.

දකුණට හරවන්නේ කොහොමද?

Round the bout එකෙන් දකුණට හරවනවා නම්, දකුණු පස lane එක තමයි ඔබ තෝරාගන්න ඕනේ. එතකොටත් නැවතුම් රේඛාව ළඟ වාහනය නතර කරන්න ඕනේ. නතර කරලා දකුණු පසින් එන වාහන වලට ඉඩ දෙන්න. ඔබ දැන ගන්න ඕන අනිත් දේ තමයි, ඔබට කලින් වෙනත් වාහනයක් round the bout එකට ඇතුල් කළා නම්, ඒ වාහනයට තමයි ප්‍රමුඛතාවය ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔබට වාහනය ඉදිරියට, වමට හෝ දකුණට හරවන්න chance එක තියෙන්නේ. වාහනය දකුණට හරවනකොට අනිවාර්යයෙන්ම signal දාන්න ඕනේ. Round the bout එක ඉවර වුණාට පස්සේ තමයි, signal off කරන්න පුළුවන් වෙන්නේ. දකුණු පැත්තට හැරෙව්වට පස්සේ, හරිම lane එක භාවිතා කරන්න ඕනේ. දකුණු පැත්තට හරවපු නිසා, දකුණු පස lane එක තමයි භාවිතා කරන්න ඕනේ. මොකද ඔබේ වම් පසින් එන වාහන වලට වම් පස lane එක ඉඩ දෙන්න ඕනේ.

හරිම lane එක භාවිතා කරන්න

Round the bout එකක drive කරනකොට වැදගත්ම දේ තමයි, හරි lane එක භාවිතා කරන එක. Round the bout එකට ළං වෙනකොට මං තීරු දිශා සලකුණු පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගෙන තියෙන්න ඕනේ. මොකද ඒ දිශා සලකුණු වලට අනුව තමයි, වාහනය handle කරන්නේ. Round the bout එක ඇතුළට ආවට පස්සේ, ඒ වාහන වලට ප්‍රමුඛත්වය දෙන්න වග බලා ගන්න. ඔබට කලින් වාහනයක් round the bout එකට ඇතුල් වුණා නම්, ඒ වාහනය පිට වෙනකොට තමයි, ඔබේ වාහනය round the bout එක ඇතුළට යොමු කරන්න පුළුවන් වෙන්නේ.

ඔන්න මේ විදිහට තමයි, round the bout එකක වාහනය drive කරන්නේ. ඔබ අනිවාර්යයෙන්ම මේ වටරවුම් නීතිය ගැන දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඔබ දන්න, ඉදිරියේදී drive කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයවත් මේ වටරවුම් නීතිය ගැන දැනුවත් කරන්න. මතක ඇතුව මේ නීතිරීති ඒ විදිහටම පිළිපදින්න. එතකොට ඔබට drive කරනකොට ඇති වෙන අනතුරු අවම කර ගන්න පුළුවන්

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Ford Raptor Ranger Diesel Bi-Turbo 2019 for Sale

Ford Raptor Ranger Diesel Bi-Turbo 2019

72,000 km, Colombo
MEMBER
Rs 24,600,000
1 month ago
MG ZS 2019 for Sale

MG ZS 2019

77,000 km, Colombo
MEMBER
Rs 9,400,000
1 day ago
Toyota Corolla Cross Z Sunroof 2025 for Sale

Toyota Corolla Cross Z Sunroof 2025

0 km, Gampaha
verified MEMBER
Rs 27,950,000
2 minutes ago
Ford Raptor Ranger 2025 for Sale

Ford Raptor Ranger 2025

0 km, Colombo
MEMBER
Rs 34,600,000
1 month ago
Suzuki Wagon R Stingray 2015 for Sale

Suzuki Wagon R Stingray 2015

92,000 km, Polonnaruwa
MEMBER
Rs 6,290,000
8 minutes ago
Auto Parts for saleikman logo
Toyota Prius Hybrid Battery for Sale

Toyota Prius Hybrid Battery

verified MEMBER
verified
Rs 430,000
5 days ago
Suzuki Alto LXI (Shell) for Sale

Suzuki Alto LXI (Shell)

verified MEMBER
verified
Rs 5,800
20 minutes ago
BMW E60 Head Light Switch for Sale

BMW E60 Head Light Switch

verified MEMBER
verified
Rs 25,000
1 hour ago
Prius ZVW30 fuel pump with floater for Sale

Prius ZVW30 fuel pump with floater

verified MEMBER
Rs 18,000
1 hour ago
Honda Vezel GP5 Grace Smart Keys for Sale

Honda Vezel GP5 Grace Smart Keys

verified MEMBER
Rs 10,000
1 hour ago
+ Post an ad on ikman