වාහන සීස් කිරීමට අදාළ කල්බදු නීතිය ගැන දැනුවත් වෙමු

20 Feb, 2024   
වාහන සීස් කිරීමට අදාළ කල්බදු නීතිය ගැන දැනුවත් වෙමු

ලීසිං වාරිකයක් ගෙව්වේ නැති කෙනෙක් ගේ වාහනයක් වාරික නොගෙවීම නිසා cheese කිරීම කරනවා. ඉතින් ඒකට අදාළ නීතියට තමයි කල්බදු නීතිය කියන්නේ. මේ පනතට අනුකූලව තමයි ලිසිං සම්බන්ධව අදාළ නීතිමය තත්ත්වයන් දක්වලා තියෙන්නේ. ලීස් එකක් ගන්න කෙනාට වගේම ඒ ලීස් එක දෙන කෙනාටත් අදාළ නීතිමය තත්ත්වයන් වගේම ඒ ඒ අයගේ යුතුකම් මොනවද වගකීම් මොනවද, අයිතිවාසිකම් මොනවද කියලා මේ කල්බදු නීතියේ දක්වලා තියෙනවා. ඉතින් අද CarsGuide අපි කතා කරන්නේ වාහන seize කිරීමට අදාළ කල්බදු නීතිය ගැන.

කල්බදු නීතිය කියන්නේ මොකක්ද ?

කල්බදු නීතිය කියන්නේ ආර්ථික වටිනාකමකින් යුත් භාණ්ඩයක් කල්බදු නීතිය යටතේ ගැණුම්කරු ගාව තියාගන්න හදන ගිවිසුමක්. මේක ගැන වාහනයකට අදාළ කරලා කතා කළොත් කල්බදු මුල්‍ය පහසුකමක් ගන්න කෙනෙක්ට තියෙන අයිතිවාසිකම් ගැන ඒ වගේම ඒ ඒ කෙනාට තියෙන යුතුකම්, වගකීම් මොනවද කියලා මේ කල්බදු නීතියේ දක්වලා තියෙනවා.

කල්බදු මුල්‍ය පහසුකමක් ගන්න කෙනෙක්ට තියෙන අයිතිවාසිකම්
– ඔයාට ඕනේ වාහනය ඔයාටම තෝරගන්න පුළුවන්.
– බදු කොන්දේසි ආයතනය විසින් සැරින් සැරේ වෙනස් කරනවා නම් ඒකට විරුද්ධ වෙන්න පුළුවන්.
– තමන්ට කැමති ආයතනයක් තෝරගන්න පුළුවන්.

ලීසිං company එකට කල්බදු නීතිය සම්බන්ධව තිබෙන අයිතිවාසිකම්

– අදාළ භාණ්ඩයේ නඩත්තුව නිසි පරිදි කරගෙන යනවද කියලා බලන්න පුළුවන්.
– වාරික ගෙවන්න නැත්නම් ඒ අදාළ වාහනය ආයතනයට පවරගන්න පුළුවන්.

වාරික ගෙවීම පැහැර හැරියොත් මොකද වෙන්නේ ?

ඔයා ලීසිං එකේ වාරික හරියට ගෙවන්නේ නැත්නම් ලීසිං company එකට පුළුවන් ලීසිං ගිවිසුම අවලංගු කරලා අදාළ වාහනය ආයතනයට පවරගන්න. ඒ කියන්නේ ඔයා වාහනයක් ලීස් එකට අරන් පාවිච්චි කරනවා. හැබැයි ඔයා වාරික ටික හරියට ගෙවාගෙන යන්නේ නැත්නම් ලීසිං company එකට පුළුවන් ඔයාගෙන් වාහනය ආපහු ගන්න.

කොහොමද වාහනය ගන්න පුළුවන් වෙන්නේ ?

ඔයා වාරික හරියට ගෙවලා නැත්නම් තමයි අදාළ ලීසිං ආයතනයට ඔයාගේ වාහනය ආපහු ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒකට පියවර කිහිපයක් තියෙනවා. ඒ තමයි,

– වාරික ගෙවන්න කියලා දැන්වීමක් ගැණුම්කරුට යවන්න ඕනේ.
– ඊට පස්සේ ගිවිසුම අහෝසි කරන්න පුළුවන්.
– වාහනය ආපහු ගන්න පුළුවන්.

ඒ ලීසිං එක අරන් තියෙන ගැණුම්කරු වාහනය දෙන්න ලෑස්තියි නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි හිඟ වාරික තිබ්බත් ගැණුම්කරු වාහනය දෙන්න ලෑස්ති නැත්නම් ප්‍රශ්නයක් ඇති වෙනවා. ගැණුම්කරු කැමැත්තෙන් company එකට වාහනය බාර දෙන්නේ නැත්නම් company එකට ඒ සඳහා ගන්න පුළුවන් පියවර තියෙනවා. ඒ තමයි,

– දිසා අධිකරණයට පෙත්සමක් ගොනු කරන්න පුළුවන්.
– වාහනය ආපහු ගන්න අතුරු නියෝගයක් ඉල්ලන්න පුළුවන්.

මෙතැනදී ගැණුම්කරුට අධිකරණයට ඇවිත් හේතු දක්වන්න පුළුවන්. හැබැයි ගැණුම්කරු හේතු දැක්වුවේ නැති වුණොත් අධිකරණයෙන් අතුරු නියෝගය ස්ථිර කරනවා. ඒ වගේම තමයි ගැණුම්කරු සාධාරණ හේතුවක් දැක්වුවොත් අධිකරණය මඟින් ඒ නියෝගය අහෝසි කරන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම ලීසිං company එකේ වැරදි නිසා මේ දේ වුනා නම් ඒ දේත් අධිකරණයට කියන්න පුළුවන්.

මෙන්න මේ විදිහට තමයි කල්බදු නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔයාලා කල්බදු නීතිය ගැන දැනුවත් වෙලා හිටියේ නැත්නම් CarsGuide අපි කිව්ව කරුණු වලින් ඔයාලා දැනුවත් වෙන්න ඇති කියලා අපි හිතනවා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Hilux LN 107 1994 for Sale

Toyota Hilux LN 107 1994

336,000 km, Colombo
MEMBER
Rs 6,650,000
2 weeks ago
Toyota Premio G Superior 2011 for Sale

Toyota Premio G Superior 2011

200,000 km, Colombo
MEMBER
Rs 10,700,000
1 month ago
Suzuki Grand Vitara 2007 for Sale

Suzuki Grand Vitara 2007

244,000 km, Colombo
MEMBER
Rs 7,900,000
2 weeks ago
Ford Raptor Ranger Diesel Bi-Turbo 2019 for Sale

Ford Raptor Ranger Diesel Bi-Turbo 2019

72,000 km, Colombo
MEMBER
Rs 24,600,000
1 month ago
Mercedes Benz CLA 200 AMG Premium Plus 2020 for Sale

Mercedes Benz CLA 200 AMG Premium Plus 2020

38,000 km, Colombo
MEMBER
Rs 27,400,000
1 week ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman