Air Conditioning Performance වැඩි කරන tips

22 Aug, 2024   
Air Conditioning Performance වැඩි කරන tips

“වාහනයේ AC තිබුණට නෑ වගේ තමයි. ඇත්තටම ඇයි ඒ?” හිටපු ගමන් වාහනයේ AC එකෙන් බලාපොරොත්තු වෙන cool එක ලැබෙන්නේ නැති වුණාම, ඔයාටත් මෙහෙම හිතෙනවා නේද? එහෙම වෙන්න හේතුව තමයි, වාහනයේ Air Conditioning performance එක අඩු වීම. අලුතෙන් වාහනයක් ගන්නකොට, ඒ වාහනයේ exterior look එක මොන වගේද, ගෙවන ගාණට වටින comfortable එකක් interior එකෙන් ලැබෙනවද? මේ වගේ දේවල් සහ තවත් බොහෝ දේවල් ගැන ඔබ හිතනවා. එහෙම හොඳට හොයලා බලලා ගන්න වාහනය ඇස් දෙක වගේ පරිස්සම් කරනවා නේද? හැබැයි ඉතින් කාලයක් යනකොට ඒ සැළකිල්ල අඩු වුණාම, ඔය AC අඩු වෙන ප්‍රශ්න ඕන තරම් එනවා. ඒ කොහොම වුණත්, වාහනයේ AC ප්‍රශ්න නැති කර ගන්න නම්, AC එක කොහොමද බලා ගන්න ඕනෙ කියන දේ ගැනත් දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා CarsGuide අපි හිතුවා, ඔබේ වාහනයේ Air Conditioning performance වැඩි කරන tips ගැන අද ඔබට කියන්න.

ක්‍රමවත් අයුරින් AC එක maintain කරන්න

වාහනයේ AC එකත් අනිත් mechanical systems වගේ තමයි. Performance වැඩි වෙන්න නම්, අනිවාර්යයෙන්ම නිවැරදි විදිහට maintain කිරීම අවශ්‍ය වෙනවා. මේක ඔබේ වාහනයේ air conditioning system එක ඉහළම තත්වයේ පවත්වා ගන්න හොඳ tip එකක්. මාස තුනකට සැරයක්වත් මේ වැඩේ කරන්න ඕනේ.

ඊට අමතරව වාහනයේ AC system එක, annual professional check-up එකකට යොමු කිරීම හරහාත් AC එකේ performance වැඩි කර ගන්න පුළුවන්. මෙතනදි හොඳ qualified technician කෙනෙක් විසින් AC එකේ condenser එක, compressor එක වගේම evaporator එක ඇතුළු AC system එකේ කොටස් නිතරම පරීක්ෂා කරලා, clean කරන්න ඕනේ. ඒ වගේම refrigerant leaks check කරන්න ඕනේ. වැදගත්ම දේ තමයි, සියලුම කොටස් නිවැරදිව ක්‍රියාත්මක වන බව සහතික කර ගන්න එක.

Air filter එක clean කරන්න

ඔබේ වාහනය තුළ තියෙන air එක නැවුම්ව සහ පිරිසිදුව තියාගන්න, cabin air filter එක ලොකු කාර්යක් කරනවා. ඒ වගේම තමයි, මේ air filter එකම AC එකේ performance එක අඩු කරන්නත් හේතුවක් වෙනවා. මොකද කාලයක් යනකොට dust එක නිසා මේ air filter එක අවහිර වෙනවනෙ. එතකොට airflow එක සීමා කරලා, AC එකේ performance එක අඩු කරනවා. අන්න ඒ නිසා, cabin air filter එක හරි විදිහට clean කරන්න වගේම, නියම වෙලාවට අලුත් air filter එකක් replace කරන්නත් මතක තියාගන්න.

Refrigerant Levels, check කරන්න

ප්‍රමාණවත් නොවන refrigerant level මඟින් cooling performance අඩු කරනවා. ඔබේ වාහනයේ AC එකෙන් ලැබෙන cool එක ඒ තරම් effective නැත්නම්, අනිවාර්යයෙන්ම refrigerant levels check කරලා බලන්න. ඔබට මේ වැඩේ හරියටම කරන්න නම්, හොඳ වෘත්තිකයෙක්ගෙන් විමසන්න. ඔවුන්ට system එක හොඳින් පරීක්ෂා කරලා, අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදු කරන්න පුළුවන්.

වාහනය සෙවණක park කරන්න

සෘජුවම හිරු එළිය ලැබෙන තැනක වාහනය park කළොත් AC එකට, cabin එක cool කරන්න අපහසු වෙනවා. ඒ නිසා පුළුවන් හැම වෙලාවෙම සෙවණ සහිත ස්ථාන වල වාහනය park කරන්න. නැත්නම් heat එක වැඩි වෙන එක අවම කරන්න windshield එකට sun shades භාවිතා කරන්න. ඉතින් වාහනයේ interior එකට එන heat එක අඩු කරන නිසා, windows tint කරන එක ගැනත් හිතලා බලන්න.

Recirculation Mode භාවිතා කරන්න

උණුසුම් කාලගුණයක් තියෙන වෙලාවක drive කරනකොට, වාහනයේ AC එක recirculation mode එකට මාරු කරන්න ඕනේ. මේ මඟින් වාහනය තුළ දැනටමත් cool වෙලා තියෙන air එක recirculate කරනවා. ඒ හරහා AC system එකේ cooling performance එක වැඩි දියුණු කර ගන්න පුළුවන්.

Windows වසා drive කරන්න

වාහනයේ windows open කරලා, high speed drive කළොත් AC එකේ efficiency එක අඩු කරනවා. ඉතින් windows open කරගෙන drive කරන්න ඕන වුණත්, පුළුවන් හැම වෙලාවෙම එහෙම නොකර ඉන්න එක තමයි නුවණට හුරු. අනිත් දේ තමයි, cooling performance එක උපරිම කරන්න AC භාවිතා වන අතරතුර windows වහලා තියන්න.

Engine එකට පෙර AC එක off කරන්න

වාහනය නවත්වනකොට Engine එක off කරන්න කලින් AC එක off කරන්න. මොකද එහෙම නැති වුණොත් වාහනයේ AC performance අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ වාහනයේ engine එක නැවත on කරනකොට, ඒ වෙනකොටත් AC එක on වෙලා තියෙනවා නම්, ඒක engine එකට නැත්නම් starter motor එකට යම් තරමක stress එකක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් ඔබ හිතලා බලන්න ඕනේ.

මේ tips ඔබ හරියටම follow කරනවා නම්, අනිවාර්යයෙන්ම ඔබේ වාහනයෙත් Air Conditioning performance එක වැඩි කර ගන්න පුළුවන්. ඉතින් අපි හිතනවා, වාහනයේ AC ප්‍රශ්න තියෙන අයට වගේම, එහෙම ප්‍රශ්නයක් නැති වුණත් ඔබටත් මේ Article එක වැදගත් වෙන්න ඇති කියලා. මොකද එතකොට නොදන්න අයත් එක්ක ඔබට මේ tips share කර ගන්න පුළුවන්. අනිත් දේ තමයි, වාහනයේ AC එක අඩු වෙන්න කලින් AC එකේ performance එක වැඩි දියුණු කර ගන්නත් පුළුවන්. එහෙනම් වාහනය ගත්තු මුල් දවසෙ වගේම, හැමදාම වාහනයේ AC එක පරිස්සම් කරන එක අඩු කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Baleno 2016 for Sale

Suzuki Baleno 2016

95,807 km, Galle
MEMBER
Rs 8,400,000
6 minutes ago
Land Rover Discovery 3 HSE 2004 for Sale

Land Rover Discovery 3 HSE 2004

209,600 km, Colombo
verified MEMBER
Rs 15,900,000
7 minutes ago
Suzuki Wagon R Stingray 2018 for Sale

Suzuki Wagon R Stingray 2018

61,000 km, Colombo
MEMBER
Rs 7,100,000
2 days ago
Toyota Land Cruiser Sahara VX 2011 for Sale

Toyota Land Cruiser Sahara VX 2011

38,000 km, Colombo
verified MEMBER
verified
Rs 67,500,000
10 minutes ago
Perodua Axia G Grade 2016 for Sale

Perodua Axia G Grade 2016

122,700 km, Colombo
verified MEMBER
verified
Rs 5,585,000
12 minutes ago
Auto Parts for saleikman logo
Honda Vezel Abs Unit for Sale

Honda Vezel Abs Unit

verified MEMBER
Rs 25,000
12 minutes ago
Nissan Leaf Azeo Brake Booster for Sale

Nissan Leaf Azeo Brake Booster

verified MEMBER
Rs 65,000
22 minutes ago
Bmw 740le Geniune Ac Compressor for Sale

Bmw 740le Geniune Ac Compressor

verified MEMBER
Rs 425,000
36 minutes ago
Customized Keytag for Sale

Customized Keytag

MEMBER
Rs 790
42 minutes ago
TOYOTA GEAR OIL for Sale

TOYOTA GEAR OIL

verified MEMBER
Rs 22,080
44 minutes ago
+ Post an ad on ikman