බර වාහන Licence එක ගැනීමට ඔබට තිබිය යුතු සුදුසුකම්

08 Nov, 2023   
බර වාහන Licence එක ගැනීමට ඔබට තිබිය යුතු සුදුසුකම්

අපි හැමෝගෙම හීනයක් තමයි අවුරුදු 18 සම්පූර්ණ වුණ ගමන් රියදුරු බලපත්‍රය ලබා ගන්න එක. ඉතින් CarsGuide අපි මීට පෙර ලිපි හරහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය පිළිබඳව ගොඩක් දේවල් පිළිබඳව ඔබ දැනුවත් කළා. මේ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයෙන් අපිට drive කරන්න පුලුවන් මෝටර් සයිකල්, කාර්, වෑන් වගේ වාහන විතරයි. බස්, ලොරි වගේ විශාල වාහන drive කරන්න නම් බර වාහන ලයිසන් එකක් තිබීම අනිවාර්යය වෙනවා. අද CarsGuide තුළින් අපි ඔබට කියන්නේ බර වාහන Licence එක පිළිබඳවයි.

Licence එක ගන්න ක්‍රම දෙකක්

නව තාක්ෂණයත් එක්ක smart driving licence එකක් ලබා ගන්න ඔබත් දැන් පුලුවන්. මේ සඳහා ක්‍රම දෙකක් තියෙනවා.

පළවෙනි ක්‍රමය තමයි online ක්‍රමය හරහා licence එක ලබා ගැනීම.

වේරහැර බලපත්‍ර නිකුත් කරන ප්‍රධාන කාර්යාලයේදී හා කුරුණෑගල, කළුතර, හම්බන්තොට, ගම්පහ ( මීගමුව උපකාර්යාලයක් පිහිටා ඇත) අනුරාධපුරය, යාපනය, මොණරාගල, නුවර දිස්ත්‍රික්ක කාර්යාලවලදී ඔබට online ක්‍රමය හරහා licence එක ලබා ගන්න පුලුවන්.

දෙවන ක්‍රමය විදිහට අනෙක් සියලුම දිස්ත්‍රික් කාර්යාලවලදී offline ක්‍රමයට licence එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

Licence එක සම්බන්ධයෙන් පොදු අවශ්‍යතා

රියදුරු බලපත්‍රයක් සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම කටයුත්තකදී පහත අවශ්‍යතා ඔබ විසින් අනිවාර්යයෙන්ම සම්පුර්ණ කරන්න ඕනේ.

– අයදුම්කරු පෞද්ගලිකවම පැමිණීම

– ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ඒම
– Online ක්‍රමය භාවිතා වන කාර්යාල වලින් සේවය ලබාගැනීමේදී ඡායාරූප රැගෙන ඒම අවශ්‍ය නොවන අතර පරිගණක ක්‍රියාවලියේදී අදාළ ඡායාරූප ලබා ගැනීම සිදු කරනවා.
– Offline ක්‍රමය භාවිතා වන කාර්යාල සඳහා පාස්පෝට් ප්‍රමාණයේ ලා පැහැති පසුබිම සහිත කළු සුදු ඡායාරූප 02 ක් රැගෙන ඒම අනිවාර්යයි.

බර වාහන Licence එක ගැනීමට ඔබට තිබිය යුතු සුදුසුකම්

– අයදුම්කරන දිනට අවම වශයෙන් වසර 02 කට ප්‍රථම සැහැල්ලු වාහන (ද්විත්ව හා/හෝ ත්‍රීරෝද රථ වාහන පංතී පමණි) බලපත්‍රයක් දරන්නෙකු වීම

– සැහැල්ලු මෝටර් බස් හා මෝටර් ලොරි කාණ්ඩයක් ලබා ගැනීම සඳහා අවම වශයෙන් උස අඩි 4 අඟල් 10 විය යුතුයි.

– මෝටර් බස් හා මෝටර් ලොරි කාණ්ඩය ලබා ගැනීම සඳහා අවම උස අඩි 5 ක් තිබිය යුතුයි.

– වයස අවුරුදු 20 සම්පුර්ණ වී ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් වෙන්න පුලුවන්.

– ලිඛිත පරීක්ෂණයෙන් සමත් වුවහොත් උපරිම මාස 18 ක් දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය නිකුත් කිරීම සිදු කරනවා. එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු වෙන්න පුලුවන්. මෙම පුහුණුව බලයලත් රියදුරු උපදේශකයෙකු යටතේ විය යුතුයි. පුහුණුව අවසානයේ අයදුම්කරු වෙත ප්‍රවීණතා සහතිකයක් ලබා දිය යුතුයි. ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වන අවස්ථාවේ මෙම ප්‍රවීනතා සහතිකය ඉදිරිපත් කළ යුතුයි.

– ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 06 කට නොවැඩි කාලයකදී බර වාහන සඳහා ලබා ගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකයක් ලියාපදිංචි වන අවස්ථාවේදී ඉදිරිපත් කළ යුතුයි.

– ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වීමට වයස අවුරුදු 21 සම්පුර්ණ විය යුතු අතර පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 03 ක් සම්පුර්ණ වී තිබිය යුතුයි.

– ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත්විය යුතුයි. පරීක්ෂණය සඳහා නොපැමිණි අවස්ථාවන්ද ඇතුලත්ව ලිඛිත පරීක්ෂණ සඳහා උපරිම අවස්ථා 03 හා ප්‍රායෝගික පරීක්ෂණය සඳහා උපරිම අවස්ථා 04 ක්ද හිමි වෙනවා. එම කාලය තුළ සමත් වුයේ නොහැකි නම් අයදුම් පත අවලංගු වීම සිදු වෙනවා.

අවශ්‍ය ලියකිවිලි

– ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය.

– උප්පැන්න සහතිකයේ මුල් පිටපත.
මෙහිදී අදාල රෙජිස්ට්‍රාර් කොට්ඨාශයේ ලියාපදිංචි කරන ලද උප්පැන්න සහතිකය ඉදිරිපත් කරන්න ඕනේ. එහි ඡායා පිටපතක් හෝ වෛද්‍ය රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන ලද පිටපත හෝ නොමිලේ නිකුත් කරන ලද පිටපත හෝ ඉංග්‍රීසි පරිවර්තන හෝ උප්පැන්න සහතිකයේ උපුටා ගත් සටහන ප්‍රමාණවත් වෙන්නේ නැහැ.

– ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 06 කට නොවැඩි කාලයකදී බර වාහන සඳහා ලබා ගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.

– විදේශිකයකු නම් විදේශ ගමන් බලපත්‍රය සහ අයදුම්කරන දින සිට ඉදිරියට මාස 06 ට නොඅඩු වීසා බලපත්‍රය.

– සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය.

බර වාහන Licence එක මඟින් ධාවන කළ හැකි වාහන

– එන්ජින් ධාරිතාව සී.සී. 100 නොඉක්මවන සැහැල්ලු මෝටර් බයිසිකල්
– එන්ජීන් ධාරිතාව සී.සී. 100 ඉක්මවන මෝටර් බයිසිකල්
– මෝටර් ට්‍රයිසිකල් හෝ මෝටර් ට්‍රයිසිකල් වෑන්
– තාර බර කි.ග්‍රෑ. 500 නොඉක්මවන්නාවු ද , වාහනයේ දළ බර කි.ග්‍රෑ. 1000 නොඉක්මවන්නාවුද, මෝටර් ට්‍රයිසිකලයක් හෝ මෝටර් ට්‍රයිසිකල් වෑන්
– රියදුරු අසුනද ඇතුළුව ආසන සංඛ්‍යාව 09 ට වැඩි නොවන්නා වු සියලුම මෝටර් කාර් රථ
– වාහන දළ බර කි.ග්‍රෑ. 3500 නොඉක්මවන්නා වු සහ ආසන සංඛ්‍යාව රියදුරු අසුනද ඇතුළුව ආසන 09 කට වැඩි නොවන්නාවුද ද්විත්ව කාර්ය වාහන
(එම වාහන වලද අවසර දෙන ලද උපරිම බර කි.ග්‍රෑ. 750 වැඩි නොවන ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය)
– සැහැල්ලු මෝටර් ලොරි
– වාහනයේ දල බර කි.ග්‍රෑ. 3500ට අඩුනොවන සහ කි.ග්‍රෑ. 17000ට වැඩි නොවන මෝටර් ලොරි
(මෙම පන්තියට අයත් මෝටර් වාහන වලට තාර බර කි.ග්‍රෑ. 750 නොඉක්ම වන්නා වූ ට්‍රේලරයක්ද අමුණා තිබිය හැකිය)
– මෝටර් ලොරි
(වාහනයේ දල බර කි.ග්‍රෑ. 17000ට වැඩි මෝටර් ලොරිය තාර බර කි.ග්‍රෑ. 750ට වැඩි නොවන ට්‍රේලරයක්ද අමුණා තිබිය හැකිය)

ඉතින් මේ දේවල් තමයි බර වාහන Licence එක ගැනීමට ඔබට තිබිය යුතු සුදුසුකම්. CarsGuide අපි හිතනවා ඔබට තිබ්බ ලොකු ප්‍රශ්නයකට පිළිතුරැ අද ලැබෙන්න ඇති කියලා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda CRV 2018 for Sale

Honda CRV 2018

81,700 km, Colombo
MEMBER
Rs 19,000,000
1 month ago
Mitsubishi Montero 2013 for Sale

Mitsubishi Montero 2013

192,000 km, Colombo
MEMBER
Rs 24,200,000
3 days ago
Toyota Premio 1.5 2018 for Sale

Toyota Premio 1.5 2018

62,900 km, Colombo
verified MEMBER
Rs 18,500,000
6 minutes ago
Land Rover Defender 2.2 TDCI puma 2013 for Sale

Land Rover Defender 2.2 TDCI puma 2013

50,000 km, Galle
MEMBER
Rs 26,500,000
6 minutes ago
Honda Vezel Z Grade 2025 for Sale

Honda Vezel Z Grade 2025

0 km, Colombo
verified MEMBER
Rs 21,750,000
11 minutes ago
Auto Parts for saleikman logo
Suzuki Specia Custom Shell for Sale

Suzuki Specia Custom Shell

verified MEMBER
verified
Rs 32,000
2 minutes ago
Toyota 2016 Axio 165 Bumper Bracket Front for Sale

Toyota 2016 Axio 165 Bumper Bracket Front

verified MEMBER
verified
Rs 5,500
2 minutes ago
Suzuki Every Da 17 Dicky Door Panel for Sale

Suzuki Every Da 17 Dicky Door Panel

verified MEMBER
verified
Rs 75,000
3 minutes ago
Toyota Fortuner Shell 2016 for Sale

Toyota Fortuner Shell 2016

verified MEMBER
verified
Rs 32,000
5 minutes ago
+ Post an ad on ikman